රකින්නට ඔිනෑ යැයි කියූ මාදුරු ඔය සුදු අලියා හදිසියේම කළු වෙලා - විගස පුවත් 24x7 - Vigasapuwath 24x7

Breaking

Thursday, August 27, 2020

රකින්නට ඔිනෑ යැයි කියූ මාදුරු ඔය සුදු අලියා හදිසියේම කළු වෙලා

අලියා පැය කිහිපයකට පසු ගොඩට පැමිණිලා
මාදුරු ඔය ජාතික වනෝද්‍යානයේ අලිපනාව ප්‍රදේශයේ සැරිසැරූ බවට පැවසූ සුදු අලියා සාමාන්‍ය පැහැයෙන් යුතු අලියෙකු බවට තහවුරු වී තිබෙනවා.

ඒ, මාදුරු ඔය ජාතික වනෝද්‍යානයේ භාරකරු ඇතුළු වනජීවි නිලධාරීන් කණ්ඩායමක් ඊයේ දවස පුරා සිදුකළ විශේෂ සෝදිසියකදීයි.

මෙහිදී ඔවුන් එම සුදු පැහැයෙන් දිස් වූ අලියා වැව් පිටියේදී සොයාගෙන ඇති අතර, පසුව අලියා පසුපස ගොස් වැව තුළට පළවා හැර තිබෙනවා.

කිලෝමීටර් දෙකකට වැඩි දුරක් එම අලියාට දියේ ගිලීමට අවස්ථාව සලසා දී ඇති අතර, අලියා පැය කිහිපයකට පසු ගොඩට පැමිණි බවයි වනජීවි නිලධාරීන් සඳහන් කළේ.


එහිදී අලියා සාමාන්‍ය කළු පැහැයෙන් දිස් වී ඇති අතර, ඊට අදාළ ඡායාරූපද මේ වනවිට සමාජ මාධ්‍ය ඔස්සේ පළව තිබෙනවා.

වනජීවි නිලධාරීන් සඳහන් කළේ මෙම අලියා කිරි මැටි වළක බැස එහි සුදු පැහැය අලියාගේ ඇෙඟ් තැවරී ඇතැයි සැක කරන බවයි.

එහෙත් සුදු පැහැති කිරි මැටි වළක් මාදුරු ඔය වනෝද්‍යානයෙන් නිරීක්ෂණය වී නොමැති අතර, උණු වතුර ළිං ආසන්නයේ පවතින කිරි මැටි වළ ලා දුඹුරු පැහැයෙන් යුක්ත බව ඔවුන් සඳහන් කළා.

ඒ අනුව මෙම සිදුවීම තවදුරටත් තහවුරු කර ගැනීමේ අරමුණින් අදාළ සුදු පැහැති කිරි මැටි වළ පවතින ස්ථානය සොයා අද හෝ හෙට තවත් සෝදිසියක් සිදුකරන බවයි වනජීවි නිලධාරීන් වැඩිදුරටත් ප්‍රකාශ කළේ

No comments:

Post a Comment

Post Bottom Ad