සිරකරුවන් 902කට ජනපති සමාව? සිරකරු ලේඛණයක් ජනපති අතට - විගස පුවත් 24x7 - Vigasapuwath 24x7

Breaking

Tuesday, August 25, 2020

සිරකරුවන් 902කට ජනපති සමාව? සිරකරු ලේඛණයක් ජනපති අතට

සිරකරුවන් 902කට ජනපති සමාව? සිරකරු ලේඛණයක් ජනපති අතට

ජනපති පොදු සමාව දීම සඳහා සුදුසු සිරකරුවන් 902දෙනෙකුගේ ලේඛනයක් අනුමැතිය සඳහා ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා වෙත යොමු කර තිබෙන බව වාර්තා වේ. අධිකරණ අමාත්‍යාංශය සහ බන්ධනාගාර දෙපාර්තමේන්තුව ඒකාබද්ධව පත් කළ කමිටුවක් විසින් මෙම නාමලේඛන සකස් කර තිබේ.

එහි සභාපතිත්වය දරන්නේ, ජනාධිපති නීතීඥ කාලිංග ඉන්දතිස්ස මහතා ය. ජනාධිපති නීති අධ්‍යක්ෂ ජනරාල් හරිගුප්ත රෝහණධීර, ජනාධිපති නීතීඥ ශවීන්ද්‍ර ප්‍රනාන්දු, අධිකරණ අමාත්‍යාංශයේ අතිරේක ලේකම් පියුමන්ති පීරිස්, නීතීඥ කෞශල්‍ය නවරත්න සහ බන්ධනාගාර කොමසාරිස් ජනරාල් තුෂාර උපුල්දෙණිය යන අය මෙම කමිටුවේ සෙසු සාමාජිකයෝ වෙති.

සුළු වැරදි සම්බන්ධයෙන් බන්ධනාරගතවූ රැඳවියන් පිරිසක් අතුරින් එම සිරකරුවන් 902දෙනා එලෙස ජනපති අනුමැතියෙන් නිදහස ලැබීමට නියමිතයි. බන්ධනාගාරවල කොරෝනා ව්‍යාපිතිය අවම කිරීම සහ බන්දනාගාර තුළ පවතින අධික තදබදය අවම කිරීමේ අරමුණින් සිරකරුවන්ට සහ රැඳවියන්ට සමාව දෙනු ලැබීම සම්බන්ධයෙන් සලකා බැලීම සඳහා පසුගිය දා ජනාධිපතිවරයා මෙම කමිටුව පත් කළේ ය.

No comments:

Post a Comment

Post Bottom Ad