ආනවිලුන්දාව වනසන්නේ ආණ්ඩුවේ බලවතුන් විය හැකියි.. 2/3 දුන්නේ මෙහෙම වැඩ කරන්න නොවේ - විමල් ආණ්ඩුවේ සිට සැරට අමතයි - විගස පුවත් 24x7 - Vigasapuwath 24x7

Breaking

Friday, August 28, 2020

ආනවිලුන්දාව වනසන්නේ ආණ්ඩුවේ බලවතුන් විය හැකියි.. 2/3 දුන්නේ මෙහෙම වැඩ කරන්න නොවේ - විමල් ආණ්ඩුවේ සිට සැරට අමතයි

පුත්තම ආනවිලුන්දාව තෙත් බිම විනාශ කර ඇත්තේ සමහර විට ආණ්ඩු පක්ෂයේ දේශපාලන බලවතෙකුගේ ගෝලයන් විය හැකි බවත් එසේ නැතිනම් දේශපාලන බලයක් නොමැති අයද විය හැකි බව අමාත්‍ය විමල් වීරවංශ මහතා සඳහන් කරයි.

ආනවිලුන්දාව රම්සා තෙත්බිම ඉස්සන් වගා කිරීම සඳහා හෙලි කිරීම කවුරු කලද ජනතාව තුනෙන් දෙකක බලයක් දී තිබෙන්නේ මේ රටේ තෙත් බිම්වලට හෝ පරිසරයට අත තියන්න නොවන බවද ඔහු පැවසීය.

එවන් භූමිවලට අත තැබීමට කිසිවෙකුට අයිතියක් නැති බවත් එවන් වැඩ කොතනින් වුවද වහා නතර නතර කල යුතු බවද ඇමැතිවරයා පැවසීය.

ජනතාව තුනෙන් දෙකක බලය ආණ්ඩුවට ලබාදුන්නේ නිසි ලෙස පාවිච්චි කරන්න බවද කී ඔහු එම ජනවරමේ සුජාත භාවය ආරක්ෂා කළ යුතු බවද සඳහන් කළේය.

පුත්තලම ආනවිලුන්දාව රම්සා තෙත්බිම අක්කරයක පමණ භූමි භාගයක් හෙළි පෙහෙළි කිරීම සම්බන්ධයෙන් ඇමැතිවරයා මෙම අදහස් පළ කරනු ලැබුවේ පාර්ලිමේන්තුවේ අද පැවති විවාදයට එක්වෙමිනි.


No comments:

Post a Comment

Post Bottom Ad