චොකා මල්ලි 08 වැනිදා පාර්ලිමේන්තුවේ දිවුරයි - විගස පුවත් 24x7 - Vigasapuwath 24x7

Breaking

Saturday, August 29, 2020

චොකා මල්ලි 08 වැනිදා පාර්ලිමේන්තුවේ දිවුරයි

රණ දඬුවම නියම වී දැනට බන්ධනාගාර ගත කර සිටින රත්නපුර දිස්ත‍්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ප්‍රේමලාල් ජයසේකර පාර්ලිමේන්තුවට සහභාගී කරවන ලෙස කතානායක වරයා දැනුම් දී ඇත. ඒ අනුව එළැඹෙන 08 වන දා පැවැත්වෙන පාර්ලිමේන්තු රැස්වීමට ඔහු සහභාගී කරවන්නැයි බන්ධනාගාර කොමසාරිස් ජනරාල් වරයාට තමා දැනුම්දුන් බව කතානායක මහින්ද යාපා අබේවර්ධන මහතා කියා සිටියේය.

ඔහු පාර්ලිමේන්තුවට නො කැඳවීම රත්නපුර දිස්ත්‍රික්කයේ ජනතාවට කරන අසාධාරණයක් බවද කතානායකවරයා සඳහන් කළේය.

ප්‍රේමලාල් ජයසේකර මහතා රත්නපුර මහාධිකරණය විසින් මරණීය දණ්ඩනය නියම කර ඇති අතර මේ වන විට ඔහු වැලිකඩ බන්ධනාගාරයේ රඳවා සිටී.

අදාල තීන්දුවට එරෙහිව ඔහු විසික් අභියාචනයක්ද ඉදිරිපත් කර ඇත.


No comments:

Post a Comment

Post Bottom Ad