"එජාප ඉතිහාසය පුරාවටම අර්බුධ තිබුණා - කට්ටියක් පක්ෂ හැදුවා , කට්ටියක් සමදාන වුණා" - විගස පුවත් 24x7 - Vigasapuwath 24x7

Breaking

Tuesday, July 28, 2020

"එජාප ඉතිහාසය පුරාවටම අර්බුධ තිබුණා - කට්ටියක් පක්ෂ හැදුවා , කට්ටියක් සමදාන වුණා"

ඉතිහාසය පුරාවට එක්සත් ජාතික පක්ෂය තුළ අර්බුධ තිබු බැවින් අර්බුධ එජාපයට අලුත් දෙයක් නොවන බව එහි නායක රනිල් වික්‍රමසිංහ මහතා සඳහන් කරයි.

එජාපයේ අර්බුධ සම්බන්ධයෙන් වූ ඉතිහාසය පිළිබඳවද විග්‍රහයක් වික්‍රමසිංහ මහතා ඉදිරිපත් කර තිබේ.

ඒ අනුව පක්ෂයේ මුල්ම අර්බුධය ඇති වී තිබෙන්නේ එජාප නිර්මාතෘ මෙරට ප්‍රථම අග්‍රාමාත්‍ය ඩී.එස්.සේනානායක මහතා හා පසුකාලීනව රටේ අග්‍රාමාත්‍යවරයෙකු වූ එස්.ඩබ්ලිව්.ආර්.ඩී.බණ්ඩාරනායක මහතා අතර බව වික්‍රමසිංහ මහතා පෙන්වා දෙයි.

ඉන්පසු ඩඩ්ලි සේනානායක මහතා හා සර් ජෝන් කොතලාවල අතර දෙවන අර්බුධය ඇති වූ බව පෙන්වා දෙන වික්‍රමසිංහ මහතා ඒ හේතුවෙන් 1956 මහ මැතිවරණයට ඩඩ්ලි සේනානායක මහතා තරඟ නොකළ බවද සඳහන් කරයි. එහෙත් පසුකාලීනව සර් ජෝන් කොතලාවල පක්ෂ නායකත්වය අතහැරීම හේතුවෙන් ඩඩ්ලි සේනානායක මහතා යලි එජාප නායකත්වයට පත් වූ බව වික්‍රමසිංහ මහතා පෙන්වා දෙයි.

ඉන්පසු ඩඩ්ලි සේනානායක මහතා හා ජේ.ආර්.ජයවර්ධන මහතා අතර අර්බුධයක් ඇති බව පවසන වික්‍රමසිංහ මහතා පක්ෂයෙන් නෙරපීම වලක්වා ගැනීම සදහා ජේ.ආර්.ජයවර්ධන මහතා පක්ෂයේ පිහිට පැතූ බවද පෙන්වා දෙයි. ඊටත් පසු ඩඩ්ලි සේනානායක මහතා හා ආර්.ප්‍රේමදාස මහතා අතර අර්බුධයක් හට ගත් බවත් එය ඩඩ්ලි සේනානායක මහතාගේ අභාවයත් සමඟ අවසන් වූ බව එජාප නායකයා සඳහන් කරයි.

ඉන්පසු අර්බුධය ඇති වූයේ ජේ.ආර්.ජයවර්ධන මහතා හා රුක්මන් සේනානායක මහතා අතර බව සඳහන් කරන වික්‍රමසිංහ මහතා ඊටත් පසු ආර්.ප්‍රේමදාස මහතා සමඟ ලලිත් ඇතුලත්මුදලි, ගාමිණී දිසානායක යන මහත්වරුන් ඇතුළු කණ්ඩායමක් ඇති කර ගත් බව වික්‍රමසිංහ මහතා සඳහන් කරයි.

ඒ අනුව ඇතැම් අර්බුධ නොවිසදුනු අතර ඒ හේතුවෙන් ඇතැමෙක් නව පක්ෂ ආරම්භ කල බවද සඳහන් කරන වික්‍රමසිංහ මහතා සමතයකට පත් වුයේ අර්බුධ ඉතා ස්වල්පයක් බවද පෙන්වා දෙයි.

වර්තමාන අර්බුධය නිර්මාණය කල පිරිස මේ වන විට පක්ෂයෙන් ඉවත්ව ගොස් වෙනම තරඟ කරන බවද  වික්‍රමසිංහ මහතා සඳහන් කරයි.

No comments:

Post a Comment

Post Bottom Ad