රනිල්ට එජාප නායකත්වයෙන් ඉවත් වන්නැයි කියයි - විගස පුවත් 24x7 - Vigasapuwath 24x7

Breaking

Monday, July 6, 2020

රනිල්ට එජාප නායකත්වයෙන් ඉවත් වන්නැයි කියයි

රනිල්ට එජාප නායකත්වයෙන් ඉවත් වන්නැයි කියයි

එක්සත් ජාතික පක්ෂයේ පාක්ෂිකයන්ට පක්ෂයෙන් වැඩක් නොවුණද අලියා ලකුණ මරන්නට ඉඩ ලබා දිය නොහැකි බව එක්සත් ජාතික පක්ෂයේ ජාතික සංවිධායක සහ නුවරඑලිය දිස්ත්‍රික් එජාප අපෙක්ෂක නවින් දිසානායක මහතා පැවසිය.

නවින් දිසානායක මහතා එ බැව් කියා සිටියේ වලපනේ ප්‍රදේශයේ මැතිවරණ ප්‍රචාරක රැස්විමකට එක්වෙමිණි.

මෙහිදි වැඩි දුරටත් අදහස් දැක් වු නවින් දිසානායක මහතා කියා සිටියේ 6 වෙනිදා පසුව එක්සත් ජාතික පක්ෂය ශක්තිමත්ව යලිත් ගොඩනගන බවයි.

එක්සත් ජාතික පක්ෂයේ නායකයා හරි මගට ගනිමින් එක්සත් ජාතික පක්ෂය ශක්තිමත් කරන බවත්, හරි මග යාමට එක්සත් ජාතික පක්ෂයේ නායක රනිල් වික්‍රමසිංහ මහතා කටයුතු නොකරන්නේ නම් ඔහුට නායකත්වයෙන් ඉවත් වන ලෙස දැනුම් දෙන ලෙස නවින් දිසානායක මහතා පැවසිය.

නුවරඑලිය දිස්ත්‍රික්කය තුල එක්සත් ජාතික පක්ෂ අපෙක්ෂකයන් එකම වේදිකාවක සිට මැතිවරණ ප්‍රචාරක කටයුතු සිදු කලද අනෙකුත් පක්ෂ වල අපෙක්ෂකයන් මනාප පොරය නිසා තනි තනිවම මැතිවරණ ප්‍රචාරක කටයුතු සිදු කරන බවයි නවින් දිසානායක මහතා කියා සිටින්නේ.

ලබන 6 දිනයෙන් පසුව එක්සත් ජාතික පක්ෂය හැර නොගිය පාක්ෂිකයන්ව රැක බලා ගැනිමට කටයුතු කරන බවද නවින් දිසානායක මහතා පැවසිය.

(රංජිත් රාජපක්ෂ)

No comments:

Post a Comment

Post Bottom Ad