ක්‍රීඩක කුසල් මෙන්ඩිස් අද දින පානදුර මහේස්ත්‍රාත් අධිකරණය වෙත - විගස පුවත් 24x7 - Vigasapuwath 24x7

Breaking

Monday, July 6, 2020

ක්‍රීඩක කුසල් මෙන්ඩිස් අද දින පානදුර මහේස්ත්‍රාත් අධිකරණය වෙත


මාරක රිය අනතුරක් සම්බන්ධයෙන් අත්අඩංගුවට ගත් ශ්‍රී ලංකා ක්‍රිකට් ක්‍රීඩක කුසල් මෙන්ඩිස් වෛද්‍ය පරීක්ෂණයකින් අනතුරුව අද දින පානදුර මහේස්ත්‍රාත් අධිකරණය වෙත ඉදිරිපත් කිරීමට නියමිතයි.

ඔහු රිය අනතුර සිදුවන අවස්ථාවේ බිමතින් සිටියේද යන්න පිළිබද පරීක්ෂා කිරීම සදහා ඊයේ දින රුධිර සාම්පල ලබාගෙන අධිකරණ වෛද්‍ය නිලධාරීවරයා වෙත යොමුකර තිබුණා.

මේ අතර කුසල් මෙන්ඩිස්ගේ මෝටර් රථයේ ගැටී ජීවිතක්ෂයට පත්වූ පුද්ගලයාගේ පශ්චාත් මරණ පරීක්ෂණයද ඊයේ පස්වරුවේ පානදුර මූලික රෝහලේදි සිදුකර තිබෙනවා.

ඊයේ (05) අලුයම 5ට පමණ පානදුර උතුර - හොරේතුඩුව ප්‍රදේශයේ පරණ ගාලුපාරේ දී මොරටුව දෙස සිට පානදුර දෙසට ධාවනය වූ කුසල් මෙන්ඩිස්ගේ මෝටර් රථයේ ගැටී ඇත්තේ පාපැදිකරුවෙක්.

සිද්ධියෙන් පාපැදියේ ගමන් ගත් 64 හැවිරිදි පානදුර උතුර - ගොරකපොල ප්‍රදේශයේ පදිංචිකරු ජීවිතක්ෂයට පත්වුණා.

අනතුර සිදුවන ආකාරය ඒ අසල සවි කර තිබු CCTV දර්ශනවලද සටහන් වී ඇති බවයි පොලිසිය සදහන් කළේ.

එමෙන්ම, රිය අනතුර සිදුවන අවස්ථාවේදී එම මෝටර් රථයේ ක්‍රිකට් ක්‍රීඩක අවිශ්ක ප්‍රනාන්දු ද සිට තිබෙනවා.

No comments:

Post a Comment

Post Bottom Ad