කොරෝනා නිසා වසා දැමූ කාලයේ ගාස්තු නොගෙවුවා කියා ජාත්‍යන්තර පාසලක සිසු සිසුවියන් පාසලෙන් එලියට දමයි - විගස පුවත් 24x7 - Vigasapuwath 24x7

Breaking

Thursday, July 9, 2020

කොරෝනා නිසා වසා දැමූ කාලයේ ගාස්තු නොගෙවුවා කියා ජාත්‍යන්තර පාසලක සිසු සිසුවියන් පාසලෙන් එලියට දමයි

ධ්‍යාපන අමාත්‍යංශයේ අනුමැතියට යටත්ව හැටන් නුවරඑලිය ප්‍රධාන මාර්ගයේ කුඩාගම ප්‍රදේශයේ පවත්වාගෙන යන ජාත්‍යන්තර පාසලක ඉගෙනුම ලබන සිසු සිසුවියන්  පාසල වසා දමා තිබු  මාස තුනක කාලයට අදාල මාසික ගාස්තු නොගෙවු  සිසු සිසුවියන් පන්ති කාමරයෙන් ඉවත් කිරිමට එම පාසලේ පාලන අධිකාරිය කටයුතු කර ඇති බව දෙමව්පියන් චෝදනා කරයි.

හැටන් , මස්කෙලිය , බගවන්තලාව , නොර්වුඩ් , කොටගල , තලවකැලේ වටවල යන ප්‍රදේශවල සිට එම පාසලට ළමුන් 800 – 900 අතර ප්‍රමාණයක් අධ්‍යාපන කටයුතු සදහා පැමිණෙන බවයි එම පාසලේ අධ්‍යාපනය ලබ සිසු සිසුවියන්ගේ දෙමව්පියන් කියා සිටින්නේ.

පළමු වන ශ්‍රේණියේ සිට උසස්පෙල දක්වා අධ්‍යන කටයුතු  සිදු කරන එම පාසලේ සුදුසුකම් ලත් ගුරුවරුන් නොමැති බවත් , දැනට ඉගැන්විම් කටයුතු කරනු ලබන්නේ  හැටන් ප්‍රදේශයේ අවම අධ්‍යාපන සුදුසුකම් ලත් ප්‍රදේශයේම ගුරුවරුන් පිරිසක් බවයි දෙමව්පියන් කියා සිටින්නේ.

මසකට රු 2500 සිට රු 4800 දක්වා විවිධ ගාස්තු යටතේ සිසු සිසුවියන්ගෙන් මාසික ගාස්තුවයක් අය කරන බවත් , කොවිඩ් 19 වෛසරය පැතිර යාමේ අවධානමත් සමග පාසල වසා තිබු කාලයටත් අදාල හිග මුළු මුදලම එකවර ගෙවන ලෙස පාසලේ පාලන අධිකාරිය විසින් තමන්ට බලපැම් සිදු කරන බවත් , එසේ මුදල් නොගෙවන ළමුන්ව පන්ති කාමරයෙන් ඉවත් කර පාසල අවසන් වන තෙක් පාසලේ ක්‍රිඩාංගණයේ රදවා තබන බවයි දෙමව්පියන් කියා සිටින්නේ.

එසේ තම ළමුන් පන්ති කාමරයෙන් ඉවත් කිරිම හේතුවෙන් ළමුන්ගේ මානසික තත්ත්වයද පහල වැටි ඇති බවත් , ගත වු මාස කිහිපය තුල තමන්ගේ ආර්ථිකයද පහල වැටි ඇති නිසා පාසල වසා තිබු කාලයට අදාල මුදලින් අඩක් පමණක් ගෙවිමට කැමැත්ත පල කර පාසල් පාලන අධිකාරියට ලිඛිතව දැනුම් දුන්නද එම ඉල්ලිම පාසල් පාලන අධිකාරිය නිසි ප්‍රතිචාර නොදක්වන බවයි දෙමව්පියන් කියා සිටින්නේ.

එම පාසලේ පාලන අධිකාරිය විසින් සිදු කරන අසාධාරණ අය කිරිම් සම්බන්ධව සහ පාසලේ පවතින අඩුපාඩුකම් සම්බන්ධයෙන් ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාට අධ්‍යාපන අමාත්‍යයවරයාට ලිඛිතව දැනුම් දි ඇති බවත් , පාසල වසා දමා තිබු කාලයට අදාල මුදල් ගෙවිමට කටයුතු නොකරන දෙමව්පියන්ගේ ළමුන් පාසලෙන් ඉවත් කරගෙන යන ලෙසට තමන්ට පාසල් පාලන අධිකාරිය මගින් විවිධ අයුරින් බලපැම් කරන බවද දෙමව්පියන් කියා සිටියි.

දෙමව්පියන් නගන චෝදනාව සම්බන්ධයෙන් අප එම ජාත්‍යන්තර පාසලේ අයිතිකරු සරවන භවන් මහතාගෙන් කල විමසුමකට ඔහු කියා සිටියේ එම පාසලේ අධ්‍යාපන ලබන සිසු සිසුවියන්ගේ දෙමව්පියන් විසින් පාලන අධිකාරියට නොදන්වා සංගමක්ද පිහිටුවාගෙන ඇති බවයි.

එවැනි සංගමයක් තම පාසලට අවශ්‍යය නොවන බවත් , තමන් කිසිසෙත් මාසික ගාස්තු නොගෙවන සිසු සිසුවියන් පන්ති කාමරයෙන් ඉවත් නොකල බවත් , හිග මාසික ගාස්තු ගෙවිමට දෙමව්පියන්ට සහන කාලයක් ලබා දි ඇති බව පවසන සරවන භවන් මහතා වැඩි දුරටත් කියා සිටියේ තම පාසලේ ඉගැන්විම් කටයුතු සිදු කරන අචාර්යය මණ්ඩලය සුදුසුකම් සපුරාලු අය බවයි.

– හැටන් රංජිත් රාජපක්ෂ


No comments:

Post a Comment

Post Bottom Ad