මැතිවරණයෙන් මං වාර්තාවක් තබමින් ජය ගන්නවා.. දෙවැනියාට කිට්ටු කරන්න බැරි මනාප ප‍්‍රමාණයක් ගන්නවා - හිටපු ජනපති - විගස පුවත් 24x7 - Vigasapuwath 24x7

Breaking

Thursday, July 9, 2020

මැතිවරණයෙන් මං වාර්තාවක් තබමින් ජය ගන්නවා.. දෙවැනියාට කිට්ටු කරන්න බැරි මනාප ප‍්‍රමාණයක් ගන්නවා - හිටපු ජනපති

ගෝස්තු 5 වන දා පැවැත්වෙන මැතිවරණයෙන් තමන් දෙවැනියාට කිට්ටු වෙන්න බැරි තරමේ ඉතිහාසගත වන ජයග්‍රහණයක් ලබමින් අලුත් වාර්තාවක්ද තබමින් පොළොන්නරුවෙන් ජයග්‍රහණය කරන බව හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා සඳහන් කරයි.

ඔහු මේ බව කියා සිටියේ පොළොන්නරුව දිඹුලාගල ප්‍රදේශයේ දී පැවති ප්‍රචාරක රැස්වීමක් අමතමිනි.

පොළොන්නරුවට විශාල වැඩ කොටසක් කර ඇත්තේ තමනට බැන බැන යන මහත්තයා නොව මෛත්‍රීපාල සිරිසේනව වන තමන් බව ජනතා හදවත්වල ඇතැයිද ඔහු සඳහන් කළේය.

පොලොන්නරුවට ඩී එස් සේනානායක අගමැතිගෙන් පසුව මහා සංවර්ධනයක් ගෙන ආවේ තමන් බව ද ඔහු පැවසිය.

මෛත්‍රීපාල සිරිසේන පොළොන්නරුවට කළේ මොනවාදැයි විවේකීව පුටුවක් උඩ වාඩිවී සිටිමින් කල්පනා කරන ලෙස තමන් පොළොන්නරු ජනතාවගෙන් ඉල්ලා සිටි බවද ඔහු කියා සිටියේය.


No comments:

Post a Comment

Post Bottom Ad