හෝමාගම රෝහලේ කොරෝනා රෝගීන් නෑ - අද සිට සාමාන්‍ය රෝගීන් සඳහා පමණයි - විගස පුවත් 24x7 - Vigasapuwath 24x7

Breaking

Thursday, July 9, 2020

හෝමාගම රෝහලේ කොරෝනා රෝගීන් නෑ - අද සිට සාමාන්‍ය රෝගීන් සඳහා පමණයි

හෝමාගම රෝහලේ කොරෝනා රෝගීන් නෑ - අද සිට සාමාන්‍ය රෝගීන් සඳහා පමණයි

හෝමාගම මූලික  රෝහලේ ප්‍රතිකාර ලැබූ කොරෝනා රෝගීන්  සියලු දෙනා සම්පූර්ණයෙන් සුවය ලබා පිටව ගොස් ඇතැයි එම රෝහලේ  අධ්‍යක්ෂ විශේෂඥ වෛද්‍ය ජනිත් හෙට්ටිආරච්චි මහතා පවසයි.

ඒ අනුව අද (09) සිට නේවාසිකව ප්‍රතිකාර ලබන්නේ සාමාන්‍ය රෝගීන් සඳහා පමණක්  බවද රෝහල් අධ්‍යක්ෂවරයා පෙන්වා දෙයි.

එහෙත් හදිසි අවශ්‍යතාවයක් වුවහොත් කොරෝනා රෝගීන් සඳහා ප්‍රතිකාර කිරිමට ඇඳන් 60කින් යුත් අංගසම්පූර්ණ වාට්ටුවක් වෙන් කර ඇති අතර පසුගිය මාස තුනක  කාලය තුළ හෝමාගම මූලික රෝහලෙන් නව කොරෝනා වෛරසය වැළඳුණු රෝගීන් 500කට ආසන්න ප්‍රමාණයක් ප්‍රතිකාර ලබා ඇති බවද වෛද්‍ය ජනිත් හෙට්ටිආරච්චි මහතා පැවසීය.

මේ අතර සාමාන්‍ය ප්‍රතිකාර කිරීම් ඉකුත් 29 දා ආරම්භ කළ අතර බාහිර ප්‍රතිකාර ඒකකය 30 දා සිට ප්‍රතිකාර කිරීම් ආරම්භ කළ බවද පැවසේ.

එහෙත් රෝහලේ නේවාසිකව ප්‍රතිකාර කිරීම් සිදු කරනු ලැබුවේ සායන මගින් පැමිණෙන රෝගීන් සඳහා පමණක් වන අතර පසුගිය 6 වැනිදා සිට 1990 සුවසැරිය ගිලන් රථයෙන් සහ වෙනත් රෝහල්වලින් මාරු කර එවන රෝගීන් ද බාරගෙන  ප්‍රතිකාර කිරීම් ආරම්භ කළ බව විශේෂඥ වෛද්‍ය ජනිත් හෙට්ටිආරච්චි මහතා පැවසීය.

එසේම ප්‍රසව හා නාරි රෝග සඳහා ප්‍රතිකාර  කෙරෙන ළමා රෝග වාට්ටුවේ ප්‍රතිසංස්කරණ කටයුතු හේතුවෙන් 1990 ගිලන් රථයෙන් සහ වෙනත් රෝහල්වලින් මාරු කර එවන  කිසිදු රෝගියෙකු  මේ වන විට හෝමාගම මූලික රෝහලට භාර නොගන්නා බවත්  එවන් රෝගීන් හෝමාගම මූලික රෝහලට නොඑන ලෙසත් ප්‍රතිකාර සඳහා වෙනත් රෝහල්වලට යාමට පියවර ගන්න ලෙසත් රොහල් අධ්‍යක්ෂකවරයා රෝගීන් ගෙන් ඉල්ලා සිටි.

No comments:

Post a Comment

Post Bottom Ad