කොවිඩ් 19 වැළැක්වීමට බස් රථවල හා දුම්රියේ සිගා කෑම තහනම් - විගස පුවත් 24x7 - Vigasapuwath 24x7

Breaking

Thursday, July 16, 2020

කොවිඩ් 19 වැළැක්වීමට බස් රථවල හා දුම්රියේ සිගා කෑම තහනම්

කොවිඩ් 19 වසංගත තත්ත්වය ව්‍යාප්තිය පාලනය කිරීම සඳහා ගන්නා පියවරක් වශයෙන් පුද්ගලික, ලංගම බස් රථවල හා දුම්රිය තුළ සිගාමන් යැදීම නැවැත්වීමට පියවර ගන්නා ලෙස ප්‍රවාහණ කළමනාකරණ අමාත්‍ය මහින්ද අමරවීර මහතා එම ආයතනවල සභාපතිවරුන්ට හා දුම්රිය දෙපාර්තමේන්තුවේ සාමාන්‍යාධිකාරිවරයාට උපදෙස් දුන්නේය.

පොදු ප්‍රවාහණ සේවා සපයන බස් රථ තුළ හා දුම්රියේ කොවිඩ් 19 වැළැක්වීම සඳහා ඉදිරියටත් ගත යුතු පියවර සම්බන්ධයෙන් ඊයේ (15) පස්වරුවේ අමාත්‍යවරයා එම නිලධාරින් සමග සාකච්ඡා කළේය. ඇතැම් යාචකයින් ප්‍රවේශ පත්‍රයක් රැගෙන දුම්රිය හා බස්රියට ඇතුළු වී මඳ දුරක් ගිය පසු ඔවුන් බස් රථ වල හා දුම්රියේ ඇවිදිමින් සිගා කෑම අරඹන බව එම නිලධාරින් දැනුම් දුන්නේය.

කොවිඩ් 19 වසංගත තත්ත්වය ව්‍යාප්තියට ඔවුන්ගේ ක්‍රියාකාරකම් බලපෑ හැකි බැවින් ඒ් සම්බන්ධව අවධානය යොමු කරමින් බස් රථවල හා දුම්රිය තුළ සිගාකෑම තහනම් කරන්නැයි අමාත්‍යවරයා උපදෙස් දුන්නේය. එම යාචක ජනතාවට දඩුවම් නොකර ඔවුන්ට ද කොවිඩ් 19 වසංගත තත්ත්වය නිසා මුහුණ පැ හැකි අනතුර සම්බන්ධව පැහැදිළි කර දෙන ලෙස කී අමාත්‍යවරයා කොවිඩ් 19 හේතුවෙන් සමස්ත ලෝකයේම ආර්ථිකය වැටී ඇති අවස්ථාවක ඔවුන්ට දඩුවම් කිරීම සාධාරණ නැති බවත්, එහෙත් මෙම රෝගයෙන් ආරක්ෂා වීම සඳහා ගත හැකි පියවර ගැනීම හැමගේම වගකීමක් බව පහදා දෙන ලෙසත් දැනුම් දුන්නේය.

No comments:

Post a Comment

Post Bottom Ad