බැඳුම්කර වංචා සිද්ධිය පිළිබඳව මුදල් විශුද්ධිකරණය වැළැක්වීමේ පනත යටතේ පරීක්ෂණ සිදුකරන බව CID ය අධිකරණයට දන්වයි - විගස පුවත් 24x7 - Vigasapuwath 24x7

Breaking

Thursday, July 16, 2020

බැඳුම්කර වංචා සිද්ධිය පිළිබඳව මුදල් විශුද්ධිකරණය වැළැක්වීමේ පනත යටතේ පරීක්ෂණ සිදුකරන බව CID ය අධිකරණයට දන්වයි


2015 වසරේ සිදුවූ මහබැංකු බැඳුම්කර වංචා සිද්ධිය සම්බන්ධයෙෙන්  මුදල් විශුද්ධිකරණය වැළැක්වීමේ පනත යටතේ විමර්ශන සිදුකරන බව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව අද කොළඹ මහේස්ත්‍රාත් අධිකරණයට දැනුම් දුන්නා.

එම පැමිණිල්ල අද කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් ලංකා ජයරත්න මෙනෙවිය ඉදිරියේ කැඳවනු ලැබුවා.

එහිදී මෙම සිද්ධිය සම්බන්ධයෙන් ඇප මත මුදාහැර සිටින පර්පචුවල් ට්‍රෙෂරීස් සමාගමේ හිමිකරු අර්ජුන් ඇලෝසියස් ඇතුළු සැකකරුවන් හත් දෙනා අධිකරණයේ පෙනී සිටියා.

එහිදී අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ නිලධාරීන් අධිකරණයට දන්වා සිටියේ එම සිද්ධිය සම්බන්ධයෙන් තවදුරටත් විමර්ශන පවත්වන බවයි.

ඊට අදාලව මුදල් විශුද්ධිකරණය වැළැක්වීමේ පනත යටතේද විමර්ශන සිදු කෙරෙන බව එම නිලධාරීන් අධිකරණයට දන්වා සිටියා.

ඒ අනුව අදාළ පැමිණිල්ල නොවැම්බර් මස 12 වනදා කැඳවීමට නියම කළ අධිකරණය එදිනට මෙම පරීක්ෂණවල ප්‍රගතිය වාර්තා කරන ලෙස ද අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට නියෝග කළා.

2015 වසරේ පෙබරවාරි මස 27 වනදා ශ්‍රී ලංකා මහ බැංකුව විසින් සිදු කරනු ලැබූ බැඳුම්කර වෙන්දේසියකදී සිදුවූ අක්‍රමිකතාවක් සම්බන්ධයෙන් එවක මහ බැංකු අධිපතිවරයා ලෙස කටයුතු කළ අර්ජුන් මහේන්ද්‍රන්, පර්පචුවල් ට්‍රෙෂරීස් සමාගමේ හිමිකරු අර්ජුන් ඇලෝසියස් ඇතුළු 8 දෙනෙකුට එරෙහිව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් මෙම විමර්ශනය ආරම්භ කර තිබෙනවා.

No comments:

Post a Comment

Post Bottom Ad