
අත්තනෝමතිකව ක්‍රියාත්මක වන ලීසිං ආයතනවලට එරෙහිව නීතිය තදින්ම ක්‍රියාත්මක කිරීමට පොලීසිය කටයුතු කළ යුතු බව ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ හම්බන්තොට දිස්ත්‍රික් අපේක්ෂක නාමල් රාජපක්ෂ මහතා පවසයි.
සුනිල් ජයවර්ධන මහතාගේ ඝාතනය සම්බන්ධයෙන් සිදුකරන පරීක්ෂණවලින් වසන් වීමට කිසිවෙකුට හෝ හැකියාවක් නොලැබෙන බවද ඔහු වැඩිදුරටත් සඳහන් කළේය.
මේ අතර කල්බදු සමාගමක සේවකයින් පිරිසකගේ අමානුෂික පහරදීමෙන් ඝාතනයට ලක් වු ලංකා ස්වයං රැකියා වෘත්තිකයින්ගේ ජාතික ත්‍රිරෝද රථ සංගමයේ සභාපති සුනිල් ජයවර්ධන මහතාගේ දේහය පිළිබඳ අවසන් කටයුතු අද (14) සිදුකිරීමට නියමිතව තිබේ.
කැස්බෑව පොදු සුසාන භූමියේදී එම කටයුතු සිදු කිරීමට නියමිතය.
No comments:
Post a Comment