
ජාතික හැඳුනුම්පත් නිකුත් කිරීමේ එක් දින සේවාව සෞඛ්‍ය ආරක්ෂිත ක්‍රමවේදයන්ට අනුකූලව යළිත් ලබන සඳුදා (22) සිට ආරම්භ කිරීමට පුද්ගලයන් ලියාපදිංචි කිරීමේ දෙපාර්තමේන්තුව කටයුතු යොදා ඇත.
විශාල පිරිසක් එක් රැස්වීම වැළැක්වීම සඳහා බත්තරමුල්ල ප්‍රධාන කාර්යාලයෙන් දිනකට සේවාලාභීන් 250 කට එක් දින සේවාව යටතේ හැඳුනුම්පත් නිකුත් කිරීමට මේ අනුව කටයුතු කරයි.ගාල්ල, දකුණු පළාත් කාර්යාලයෙන් දිනකට සේවාලාභීන් 50 දෙනක් සඳහාත් එක්දින සේවය යටතේ ජාතික හැඳුනුම්පත් නිකුත් කෙරේ.
එක්දින සේවාව මඟින් ජාතික හැඳුනුම්පත් ලබා ගැනීමට අපේක්ෂා කරන සේවාලාභීන් තම ඉල්ලුම්පත ග්‍රාම නිලධාරි මහතා මඟින් අයැඳුම්පත් සහතික කර අදාළ ප්‍රාදේශීය ලේකම් කාර්යාලයේ පිහිටි හැඳුනුම්පත් කාර්යාලය වෙත තම ඉල්ලුම්පත යොමු කළ යුතු බව පුද්ගලයන් ලියාපදිංචි කිරීමේ දෙපාර්තමේන්තුවේ කොමසාරිස් ජෙනරාල් වියානි ගුණතිලක මහතා පවසයි.
එක්දින සේවය යටතේ ජාතික හැඳුනුම්පත් ලබාගැනීමට අවශ්‍ය අයට ඉදිරි කාර්යාල වැඩ කරන දින දහයක් තුළ තමන්ට පැමිණිය හැකි දිනයක් හා වේලාවක් ද, වෙන් කළ අංකයක් ද (Token N umber) ලබාගත යුතුය. එසේ ලබාගත් සේවාලාභීන් නියමිත දිනයට නියමිත වේලාවට සිය දෙපාර්තමේන්තුවට ඒමට අපොහොසත් වුවහොත් නැවතත් අදාළ ප්‍රාදේශීය ලේකම් කාර්යාලයට යොමු වී වෙනත් දිනයක් හා වේලාවක් ලබා ගැනීමට සිදුවනු ඇත.
උණ සෙම්ප්‍රතිශ්‍යාව, හිසරදය වැනි රෝග ලක්ෂණ සහිත පුද්ගලයන් එක්දින සේවාවට යොමු නොවිය යුතු අතර, සෞඛ්‍ය ආරක්ෂිත ක්‍රමවේදයන්ට අනුව මුඛ ආවරණ අනිවාර්යයෙන්ම පැළදිය යුතු බවද වියානි ගුණතිලක මහතා පැවසුවේය.
No comments:
Post a Comment