රැස්වීම් තියන්නේ නම් මීටරයට ඉන්න ඕනෑ - විගස පුවත් 24x7 - Vigasapuwath 24x7

Breaking

Thursday, May 28, 2020

රැස්වීම් තියන්නේ නම් මීටරයට ඉන්න ඕනෑ

රැස්වීම් තියන්නේ නම් මීටරයට ඉන්න ඕනෑ

කොරෝනා වයිරසයත් සමඟ ඇතිව තිබෙන වර්තමාන තත්ත්වය හමුවේ එළිමහනේ හෝ ගෘහස්ථ ස්ථානයක ප‍්‍රසිද්ධ රැස්වීම් පවත්වන්නේ නම් ඒවා මීටරය දුරකින් පවත්වාගත හැකි පුද්ගලයන් සංඛ්‍යාවකට සීමා කළ යුතු බව සෞඛ්‍ය අංශ නිකුත් කර ඇති උපදෙස් මාලාවේ සදහන් වේ.

වර්තමාන තත්ත්වය යටතේ ප‍්‍රසිද්ධ රැස්වීම් පැවැත්වීම දැඩි ලෙස අනුමත නොකරන නමුත්, එසේ රැස්වීම් පවත්වන්නේ නම් ඊට සහභාගිවන සියලූ දෙනා මුහණු ආවරණ පැළද සිටිය යුතු යැයිද එම උපදෙස් මාලාවේ සදහන් වේ.

සහභාගිවන සියලූ දෙනා සදහා සබන් ගා අත සේදීමට හෝ, ඇල්කොහොල් අඩංගු අත්සේදීම් කරන පහසුකම් සැලසිය යුතු වන අතර රැස්වීම් අතරතුර එකිනෙකා අතර මීටරය දුරක් පවත්වා ගතයුතු බවද සෞඛ්‍ය අමාත්‍යංශය ප‍්‍රසිද්ධ රැස්වීම් සදහා නිකුත් කර ඇති උපදෙස් මාලාවේ සදහන් වේ.

මෙසේ උපදෙස් නිකුත්කර ඇතත් එම ප‍්‍රසිද්ධ රැස්වීම් පැවැත්විය හැකි වන්නේ රජය ඒ සදහා අවසර ලබාදීමෙන් ප‍්‍රසිද්ධ බවද සෞඛ්‍ය අමාත්‍යංශය සදහන් කරයි.

No comments:

Post a Comment

Post Bottom Ad