කොරෝනාවෙන් අසාධ්‍ය එංගලන්තය කොරෝනා පාලනයට ලංකාවේ ක‍්‍රමය යොදයි - විගස පුවත් 24x7 - Vigasapuwath 24x7

Breaking

Thursday, May 28, 2020

කොරෝනාවෙන් අසාධ්‍ය එංගලන්තය කොරෝනා පාලනයට ලංකාවේ ක‍්‍රමය යොදයි

බ්‍රිතාන්‍යයේ කොරෝනා ව්‍යාප්තිය පාලනය කිරීම සඳහා නව ක්‍රමවේදයක් අද දිනයේ සිට ක්‍රියාත්මක කරන බව එරට අගමැති බොරිස් ජොන්සන් සඳහන් කරයි.

ඒ අනුව කොරෝනා ආසාදනය වූ අයගේ පවුලේ සාමාජිකයන් සමීපතම ආශ්‍රිතයන් සම්බන්ධයෙන් තොරතුරු ජාල ගත කරන බවත් ඔවුන්ගේ ගමන් බිමන් සමීපව නිරීක්ෂණය කරන බවත් ඔහු සඳහන් කළේය.

මෙනිසා එරට කොරෝනා ව්‍යාප්තිය විශාල වශයෙන් අඩු වනු ඇති බව ද ඔහු පැවසීය.

බි‍්‍රතාන්‍ය මේ වන විට කොරෝනා ආසාදිතයන් 267,000 ඉක්මවා මරණ ප්‍රමාණය 38,000 ආසන්නයේ පවතී.

නමුත් ශ්‍රී ලංකාව කොරෝනා ආරම්භය සිටම මෙම ක්‍රමවේදය ආරම්භ කළ අතර ආසාදිතයන් හදුනාගත් වහාම ඔවුන්ගේ ආශ්‍රිතයන් හඳුනාගෙන ගෙන වෙන් කර තැබීම තුළින් වෛරසය පාලනය කිරීමට සමත් වී සිටී.


No comments:

Post a Comment

Post Bottom Ad