අනිල් ජාසිංහ මහතා කියන්නේ පාර්ලිමේන්තුව කැදවන්න කියලයි.. මැතිවරණය පවත්වන්න කීවේ නෑ - කිරිඇල්ල - විගස පුවත් 24x7 - Vigasapuwath 24x7

Breaking

Thursday, May 28, 2020

අනිල් ජාසිංහ මහතා කියන්නේ පාර්ලිමේන්තුව කැදවන්න කියලයි.. මැතිවරණය පවත්වන්න කීවේ නෑ - කිරිඇල්ල

මැතිවරණය පැවැත්විය හැකිද යන්න පිළිබඳව සෞඛ්‍ය අධ්‍යක්ෂ ජනරාල් වෛද්‍ය අනිල් ජාසිංහ මහතා අධිකරණයට ඉදිරිපත් කළ ලිපිය පිළිබඳ කරුණු දක්වමින් ප‍්‍රකාශ කළේ මැතිවරණ කි‍්‍රයාදාමය ආරම්භ කළ හැකි බව පමණක් යැයි හිටපු පා.ම. අධිනීතිඥ ලක්ෂ්මන් කිරිඇල්ල මහතා කොළඹදී පැවති මාධ්‍ය හමුවකදී ප‍්‍රකාශ කළේය.
මැතිවරණය කි‍්‍රයාදාමය යනු ඡුන්දපොල නියෝජිතයන්, මැතිවරණ නිලදාරින් පත්කිරිම, ඡන්දපොලවල් වැඩිකිරිමට අවශ්‍ය කටයුතු, රජයේ නිලධාරින් බඳවාගැනීම් යනාදි කටයුතු බව ඒ මහතා වැඩිදුරටත් පැවසීය.

මෙහිදි මාධ්‍ය හමුව ඇමතූ හිටපු මන්ති‍්‍රවරයා,

මේ වන විට පාර්ලිමේන්තුව මාස 03ක් වසාදමලා. මැතිවරණ කොමසාරිස්වරයා ප‍්‍රකාශ කරලා තිබුණා මැතිවරණය පැවැත්වීමටනම් වෛද්‍යවරුන් සහතික කිරිමෙන් පසුව දින 75ක් අවශ්‍යයි කියා. ඒ අනුව මැතිවරණය පැවැත්වෙන්නේ අගෝස්තු මාසයේ. විධායකය, ව්‍යවස්ථාදායකය හා අධිකරණය වශයෙන් අපේ රටේ පාලන ක‍්‍රමයේ කු`එණු තුනක් තිබෙනවා. ප‍්‍රජාතන්ත‍්‍රවාදී රටකට මේ අයුරින් මාස 06ක් පාර්ලිමේන්තුව වසා තබන්න හැකිද යන්න ගැට`එවක්. ඒ නිසා තමයි අද අධිකරණයේ මතය විමසන්නේ. ව්‍යවස්ථාවට වගකියන ජනාධිපතිවරයා ජුනි 02ට පෙර පාර්ලිමේන්තුව කැඳවිය යුතුයි. ජනාධිපතිවරයා පාර්ලිමේන්තුව කැඳවන්නේ නැත්නම් අධිකරණයට පාර්ලිමේන්තුව කැඳවිය හැකියි. එම නිසා තමයි අද අධිකරණයට පෙත්සම් ඉදිරිපත් කරලා තිබෙන්නේ මේ සම්බන්ධව. අපේ රටේ ව්‍යවස්ථාවේ 4රැුක්‍ වගන්තිය අනුව ජනතාවගේ අධිකරණ බලය පාර්ලිමේන්තුව විසින් අධිකරණ වලට පවරලා තිබෙනවා. අද පුවත්පත් වල උසස් නීතිඥ මහත්වරු ප‍්‍රකාශ කරලා තිබුණා පාර්ලිමේන්තුව මැරිලා කියා. එතකොට පාර්ලිමේන්තුව මැරිලා නම් පාර්ලිමේන්තුව කොහොමද අධිකරණ වලට උසාවි බලය දෙන්නේ ? මොකද පාර්ලිමේන්තුව තමයි ජනතාවගේ අධිකරණ බලය උසාවි වලට පවරන්නේ. පාර්ලිමේන්තුව මැරිලා නැහැ. එය ජනාධිපතිවරයාට හෝ අධිකරණයට නැවත අවදිකළ හැකියි. මාස 06ක් පාර්ලිමේන්තුව නැහැ කියන්නේ ඒකාධිපති පාලනයකට අවතීර්ණ වෙනවා කියන එක.

ඒ වගේම අද රජය කියනවා කොරෝනා ඉවරයි කියලා. ජනවාරි මාසයේ එක රෝගියෙක් සිටියේ නැහැ අප රටේ. නමුත් අද දහස ඉක්මවලා ගිහින්. රජය මොන පදනමකින්ද මේ තත්වය ඉවරයි කියන්නේ. අපි පෙබරවාරි මාසයේ යෝජනා කළා ගුවන්තොටුපළ වසා දමා රටම නිරෝධායනය කරන්න. එසේ කළානම් අද එක රෝගියෙක්වත් අප රටේ නැහැ.

ඒ වගේම වෛද්‍ය අනිල් ජාසිංහ මහතා අධිකරණයට දුන් ලිපිය පැහැදිලි කළා. ඔහු ප‍්‍රකාශ කලේ මැතිවරණ කි‍්‍රයාදාමය ආරම්භ කිරිම ගැන පමණයි. ඒ කියන්නේ ඡුන්දපොල නියෝජිතයන්, මැතිවරණ නිලදාරින් පත්කිරිම, ඡුන්දපොලවල් වැඩිකිරිමට අවශ්‍ය කටයුතු, රජයේ නිලධාරින් බඳවාගැනීම් යනාදි කටයුතු පමණයි. ඔහු පැහැදිලිව ප‍්‍රකාශ කරනවා කොරෝනා දෙවන රැල්ලක් ආවොත් කිසි දෙයක් කරන්න වෙන්නේ නැහැ කියා. ඔහු මැතිවරනයට කොළ එලියක් දීලා නැහැ. මැතිවරණය පැවැත්වීම පිළිබඳව පැහැදිලි නිගමනයක් තවම දීලා නැහැ.

වෛද්‍ය ජාසිංහ මහතාගේ එම වැඩසටහන මම නැරඹුවා. ඔහු එතනදී ප‍්‍රකාශ කරනවා නිරෝධායන පනත ශක්තිමත් කලයුතුයි කියා. එයින් අදහස් කරන්නේ නව නීතිරීති අවශ්‍යයි කියා. නීති සම්පාදනයට වගේම නිරෝධායන පනත ශක්තිමත් කළ හැක්කේ පාර්ලිමේන්තුවට පමණයි. ඔහු නොකියා කියනවා පාර්ලිමේන්තුවේ අවශ්‍යතාවය. සමගි ජන බලවේගය මැතිවරණකට සුදානම්. නමුත් අසම්පූර්ණ වෛද්‍ය වාර්තා ඉදිරිපත් කරලා රට මැතිවරණයකට ඇදගෙන ගිහින් මහා ව්‍යවසනයක් ඇති වුවහොත් රජය එයට වගකියන්න ඕන.

මෙහිදි මාධ්‍යවේදින් විසින් පාර්ලිමේන්තුව කැදවන්න ඉල්ලීම් කරන්නේ මැතිවරණකට ඇති බිය නිසාද යන්න විමසා සිටියා,

අපේ ව්‍යවස්ථාව අනුව පාර්ලිමේන්තුව මාස 03කට වඩා වසා තබන්න බැහැ. නීත්‍යානුකූලව ජනාධිපතිතුමාට කරන්න තියෙන්නේ ජුනි 2ට පෙර පාර්ලිමේන්තුව නැවත වරක් කැඳවලා නිවේදනයක් මගින් නැවත විසුරුවා මැරලා මැතිවරණයකට දිනයක් නියම කරන්න. ඇත්තටම එයයි කළ යුත්තේ. එතුමාට ඕන විදිහට පාර්ලිමේන්තුව ඇදගෙන යන්න බැහැ. මොන රටේද මාස 06ක් පාර්ලිමේන්තුව වසා තබන්නේ. අපිට අවශ්‍ය ප‍්‍රජාතන්ත‍්‍රවාදය ආරක්ෂා කිරිමටයි.

පාර්ලිමේන්තුව කැදවීම හරහා රජයේ වැඩපිලිවෙල කඩාකප්පල් කිරිමේ උත්සාහයන් පිලිබද ආණ්ඩුවට ඇති සැකය නිසා මෙලෙස කටයුතු කරනවාද යන්න විමසීමේදි ලබාදුන් පිලිතුර.

අපේ පක්ෂ නායකයන් ලිඛිතව දුන්නා පාර්ලිමේන්තුවට විස්වාසභංග යෝජනා ඉදිරිපත් කරන්නේ නැහැ කියා. කොරෝනා මර්දනය කිරිමට ආණ්ඩුවට අවශ්‍ය සියලූ මුදල් සම්මත කරලා දෙන්න ලිඛිතව පොරොන්දු වුනා.

ජනජිවීතය යථාතත්වයට පත් කර තිබෙන නිසා මැතිවරණය පැවැත්වීමට බාධාවක් නැහැ නේද කියා විමසීමේදි,

මැතිවරණ කොමසාරිස් පැවසු පරිදි සමාජ දුරස්ථභාවය ආරක්ෂා කරගෙන මැතිවරණය පැවැත්වුවහොත් ඡුන්ද පෝලිම කිලෝමීටර් එකකට වඩා දිගු වෙන්න පු`එවන්. ජනතාව පැය දෙකක් තුනක් පෝලීමේ ඉදලා ඡුන්දය භාවිතා කරයිද. තව නිලධාරින් දෙගුණයක් යොදවන්න ඕන, වියදම දෙගුණ වෙනවා. මේ කරුණු නොසලකා ඡුන්දය තියන්න පු`එවන්ද. මේ ව්‍යවසනය සම්පූර්ණයෙන්ම නතරවීමෙන් පසු මැතිවරණය පැවැත්වුවානම් රටට හොදයි. ඒකයි අපි කියන්නේ.

පාර්ලිමේන්තුව කැදවුවහොත් නාමයෝජනා නැවත අහෝසි වෙනවද යන්න විමසා සිටිමේදි,

නාමයෝජනා එහෙම අහෝසි වෙන්නේ නැහැ. ඒක ආණ්ඩුව ඉදිරිපත් කරන තර්කයක්.

– midea unit


No comments:

Post a Comment

Post Bottom Ad