අටුලුගම සහ අකුරණ තවදුරටත් වසා දමයි - දිස්ත්‍රික්ක අතර ගමනාගමනයත් තහනම් - විගස පුවත් 24x7 - Vigasapuwath 24x7

Breaking

Friday, April 3, 2020

අටුලුගම සහ අකුරණ තවදුරටත් වසා දමයි - දිස්ත්‍රික්ක අතර ගමනාගමනයත් තහනම්

අටුලුගම සහ අකුරණ තවදුරටත් වසා දමයි - දිස්ත්‍රික්ක අතර ගමනාගමනයත් තහනම්

ආසාදිතයන් හඳුනාගැනීමත් සමඟ ඇතුළු වීම සහ පිටවීම සම්පූර්ණයෙන් තහනම් කෙරුණු බණ්ඩාරගම අටුලුගම ප්‍රදේශය සහ මහනුවර අකුරණ ප්‍රදේශය තවදුරටත් හුදෙකලා කර තිබේ.

දිවයින පුරාම ඇඳිරි නීතිය ක්‍රියාත්මක අතර අත්‍යවශ්‍ය සේවා හැර වෙනත් කාර්යයන් සඳහා දිස්ත්‍රික්ක අතර ගමනාගමනය තවදුරටත් සම්පූර්ණයෙන්ම තහනම්. 

මේ අතර ඇඳිරි නීතිය බලපැවැත්වුණද විශ්‍රාමිකයින් සඳහා විශ්‍රාම වැටුප් ලබාදීම සහ අත්‍යවශ්‍ය සේවා සැපයීම අදත් (03) සිදු කරයි.

අද දිනයේද විශ්‍රාම වැටුප් ලබා ගැනීමට නොහැකි වන්නන්ට අප්‍රේල් 06 වන සඳුදා ඒ සඳහා වෙන්කර ඇති බව අග්‍රාමාත්‍ය කාර්යාලය නිවේදනය කළේය.

ඒ සඳහා ඔවුන් වෙනුවෙන් අදත් ඖෂධසැල් විවෘත කර තබන ලෙසට රජය උපදෙස් දී තිබේ.

මේ අතර විදෙස් රටවල සිට පැමිණ ,ත්‍රිවිධ හමුදා නිරෝධායන මධ්‍යස්ථානවල රැදී සිට නිරෝධායනය අවසන් කළ 187 දෙනෙකු ඊයේ (02) පිටව ගියේය.

No comments:

Post a Comment

Post Bottom Ad