කොරෝනා අසාදනය වී මියගිය හතරවැන්නාගේ තොරතුරු හෙළිවෙයි - විගස පුවත් 24x7 - Vigasapuwath 24x7

Breaking

Friday, April 3, 2020

කොරෝනා අසාදනය වී මියගිය හතරවැන්නාගේ තොරතුරු හෙළිවෙයි

කොරෝනා අසාදනය වී මියගිය හතරවැන්නාගේ තොරතුරු හෙළිවෙයි

කොරෝනා වෛරසය ආසාදනය වීමෙන් අයි.ඞී.එච්. රෝහලේ ප්‍රතිකාර ලබමින් සිටියදී ඊයේ(02) මිය ගිය 58 හැවිරිදි  පුද්ගලයා රත්මලාන ප්‍රදේශයේ පදිංචිකරුවෙකු බව වාර්තාවේ.

ඔහු පසුගිය 16 වන දා අයි.ඞී.එච්. රෝහලට ඇතුළත් වී ඇති අතර, සිය බිරිඳ සමඟ පසුගිය දිනෙක ඉන්දියාවේ සංචාරයක ද නිරත වී ඇති බව අනාවරණය වී තිබේ.

ඔහුගේ බිරිඳට ද කොරෝනා වෛරසය ආසාදනය වී ඇති අතර, ඇය ද ප්‍රතිකාර සඳහා අයි.ඞී.එච්. රෝහලට ඇතුළත් වී ඇති බවට වාර්තා වේ.

ඇය මේ වන විට සුවය ලබා රෝහලෙන් නික්මී ස්වයං නිරෝධායනයට ලක් කර තිබේ.

කෙසේ වෙතත් ගුවන් තොටුපොලේ දී ඉතාලියෙන් ආ පිරිසකට ඔවුන් මැදිවූ බවටද තොරතුරු අනාවරණ වේ.

මිය ගිය පුද්ගලයාගේ දේහය පිළිබඳ අවසන් කටයුතු අද (03) සිදුකිරීමට නියමිතය.

No comments:

Post a Comment

Post Bottom Ad