පුත්තලම නිරෝධයන මධ්‍යස්ථානයේ 16කට කොරෝනා.. උණ රෝහලට යොමු කෙරේ ! - විගස පුවත් 24x7 - Vigasapuwath 24x7

Breaking

Tuesday, April 7, 2020

පුත්තලම නිරෝධයන මධ්‍යස්ථානයේ 16කට කොරෝනා.. උණ රෝහලට යොමු කෙරේ !

පුත්තලමේ පිහිටුවා ඇති නිරෝධායන මධ්‍යස්ථානයට යොමුකර ඇති 76 දෙනාගෙන් 16 දෙනෙකුට කොරෝනා වෛරසය ආසාදනය වී ඇති බව තහවුරු වී තිබේ.

ඔවුන් සියලු දෙනාම කොළඹ උණ ජාතික රෝහලට ඇතුළත් කර ඇත.
පුත්තලම නිරෝධන මධ්‍යස්ථානයේ සිටින මෙම පිරිස හලාවත මහ රෝහලට යොමුකර කොරෝනා පරීක්ෂණයට ලක් කිරීමේදී වෛරසය ආසාදනය වී ඇතැයි හෙළි වී ඇත.

ඉන්දුනීසියානු ජාතිකයන් 06 දෙනෙක්, මරදානේදී කොරෝනා ආසාදනයෙන් මියගිය පුද්ගලයාගේ බිරිඳ, පුත්තලම ප්‍රදේශයෙන් හමුවූ කොරෝනා රෝගියාගේ බිරිඳ සහ දරුවන්ද එම පිරිසට ඇතුළත් වෙති.


No comments:

Post a Comment

Post Bottom Ad