කොරෝනා රෝගීන් දැන් ගොඩක් අඩුවෙලා.. රට විවෘත කරන දිනයක් 15-16 දිනවල පැවසිය හැකියි - විගස පුවත් 24x7 - Vigasapuwath 24x7

Breaking

Saturday, April 11, 2020

කොරෝනා රෝගීන් දැන් ගොඩක් අඩුවෙලා.. රට විවෘත කරන දිනයක් 15-16 දිනවල පැවසිය හැකියි

දැනට දෙසතියකට පමණ පෙර කොරෝනා ඇතැයි සැක කළ හැකි පුද්ගලයන් 40,000 පමණ සමාජයේ ගැවසුණ ද මේ වන විට එම සංඛ්‍යාව 20,000 කට පමණ පමණකට අඩු වී ඇති ඇතැයි සිතිය හැකි බව රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයේ සභාපති වෛද්‍ය අනුරුද්ධ පාදෙණිය මහතා සඳහන් කරයි.
නමුත් සෞඛ්‍ය අමාත්‍යංශය පවසන්නේ කොරෝනා රෝගීන් සමග ඍජු සම්බන්ධතා ඇති පුද්ගලයන් දෙදහසක් පමණ පිරිසක් සමාජයේ සිටිය හැකි බව නිසා එම පිරිසට ඉක්මනින් පරීක්‍ෂණ කර රට සාමාන්‍ය පරිදි විවෘත කල හැකි අදහසක් එළඹෙන 15-16 වැනි දිනවල පැවසිය හැකිව ඇති බවත් ඔහු පැවසීය.

ඇඳිරිනීතිය පැනවීම හේතුවෙන් පුද්ගලයන්ගේ සංචරණය සීමා වීම මත මුලින් සැක සහිත වූ 40,000 ක පමණ පිරිස 20,000කටද වඩා අඩු මට්ටමකට අඩු වී ඇති බවද ඔහු තවදුරටත් කියා සිටියේය.

සිරස රූපවාහිනිය සමග පැවති සාකච්ඡාවකදී ඔහු මේ බව සඳහන් කළේය.


No comments:

Post a Comment

Post Bottom Ad