කොරෝනා ආසාදිතයින් විනාඩි 15කින් හඳුනාගන්න පරීක්ෂණ කට්ටලයක් නිපදවයි - පරීක්ෂණ ක්‍රමවේදය ගර්භනී පරීක්ෂාවට සමානයි - විගස පුවත් 24x7 - Vigasapuwath 24x7

Breaking

Tuesday, March 31, 2020

කොරෝනා ආසාදිතයින් විනාඩි 15කින් හඳුනාගන්න පරීක්ෂණ කට්ටලයක් නිපදවයි - පරීක්ෂණ ක්‍රමවේදය ගර්භනී පරීක්ෂාවට සමානයි

කොරෝනා ආසාදිතයින් විනාඩි 15කින් හඳුනාගන්න පරීක්ෂණ කට්ටලයක් නිපදවයි - පරීක්ෂණ ක්‍රමවේදය ගර්භනී පරීක්ෂාවට සමානයි

කොවිඩ් -19  හෙවත් කොරෝනා වෛරසය ආසාදනය වී ඇත්දැයි විනාඩි 15කින් හඳුනා ගත හැකි පරීක්ෂණ කට්ටලයක් ඕස්ට්‍රේලියාව විසින් නිෂ්පාදනය කර තිබේ.

එය ඉදිරි සතියේ පරීක්ෂා කිරීම් සඳහා යොදා ගැනීමට නියමිත අතර, එමගින් එරට කොරෝනා වෛරස් පරීක්ෂාවන් කාර්යක්ෂම වනු ඇති බව වාර්තා වේ.

නව කොරෝනා පරීක්ෂණ ක්‍රමවේදය ගර්භනී පරීක්ෂාවට බෙහෙවින් සමාන වන බව බෝවන රෝග පිළිබඳ විශේෂඥවරයෙකු වන එරට ජාතික විශ්වවිද්‍යාලයේ වෛද්‍ය මහාචාර්ය සංජය සේනානායක මහතා නව පරීක්ෂණ කට්ටල සම්බන්ධයෙන් ඕස්ට්‍රේලියානු මාධ්‍ය වෙත කරුණු පැහැදිලි කර තිබේ. 

රුධිරය බින්දුවක් යොදා ගනිමින් විනාඩි 15ක් ඇතුළත අදාළ වෛරසයට එරෙහි ප්‍රතිදේහ නිපද වී ඇත්දැයි පරීක්ෂා කළ හැකි වන අතර, නාස් කුහරයේ බිඳිත්තකින් පරීක්ෂා කිරීමේදී ඒ සඳහා ගත වන කාලය විනාඩි 45ක් බව වාර්තා වේ.

දැනට පවතින නවීනතම කොරෝනා වෛරස් පරීක්ෂණ කට්ටල මගින් ප්‍රතිඵල ලබා ගැනීමට පැය 5ත්, 6ත් අතර කාලයක් ගත වේ.

නව පරීක්ෂණ කට්ටල මගින් කොවිඞ් නයින්ටීන් වෛරසය ආසාදනය වී රෝග ලක්ෂණ පෙන්නුම් නොකරන පුද්ගලයන් සංඛ්‍යාව ද අනාවරණ කර ගත හැකි වනු ඇති බව වෛද්‍ය මහාචාර්ය සංජය සේනානායක වැඩිදුරටත් පැවසී ය. 

කොරෝනා වෛරසය ව්‍යාප්තිය මැඬලීමට නම් පරීක්ෂාවන් පුළුල් කළ යුතු බව ලෝක සෞඛ්‍ය සංවිධානය විසින් ද පෙන්වා දී ඇත.

No comments:

Post a Comment

Post Bottom Ad