කොළඹ වරාය නගරයේ නව කෘතිම වෙරළ තීරය සහ පොදු ප්‍රදේශය අගෝස්තු මාසයේ දී ජනතා අයිතියට - විගස පුවත් 24x7 - Vigasapuwath 24x7

Breaking

Tuesday, February 25, 2020

කොළඹ වරාය නගරයේ නව කෘතිම වෙරළ තීරය සහ පොදු ප්‍රදේශය අගෝස්තු මාසයේ දී ජනතා අයිතියට

කොළඹ වරාය නගරයේ නව කෘතිම වෙරළ තීරය සහ පොදු ප්‍රදේශය අගෝස්තු මාසයේ දී ජනතා අයිතියට

කොළඹ වරාය නගරයේ නිර්මාණය කර ඇති කෘතිම වෙරළ සහ මහජනයාට රැඳී සිටීමට නිර්මාණය කරන ලද ප්‍රදේශය මෙම වසරේ අගෝස්තු මාසයේ දී විවෘත කිරීමට හැකියාව ඇති බව වාර්තා වේ.

මෙම නව ප්‍රදේශය ගාලු මුවදොර පිටිය හා සම්බන්ධව ඇති අතර පාලමක් මඟින් මෙම ප්‍රදේශයන් යා කොට ඇත. එම නිසා ගාලු මුවදොර පිටිය සහ වරාය නගරය අතර ජනතාවට විනෝදාස්වාදය සඳහා කදිම ස්ථානයක් වනු ඇති බවද සඳහන් වේ.

මෙම කෘතිම වෙරළ තීරය කිලෝ මීටර් 1.5ක් දිගින් යුක්ත වෙන අතර මීටර් 50ක පළලින් යුක්ත වෙන බව කොළඹ වරාය නගරයේ පාරිසරික කළමනාකරණය සැලසුම් කණ්ඩායමේ ප්‍රධානී ඩබ්ලිව්.ඒ.ඩී.ඩී විජේසූරිය මහතා පවසා සිටියි.

ඔහු වැඩිදුරටත් පවසා සිටියේ මෙම ඉදිවෙන ප්‍රදේශය තුළ විහාර මහාදේවි උද්‍යානය මෙන් හරිත ප්‍රදේශයක් ඉදිවෙන බවත්, මෙම සම්පුර්ණ ප්‍රදේශය ගාලු මුවදොර පිටිය මෙන් පස් ගුණයක විශාලත්වයකින් යුක්ත වෙන බවයි.

එමෙන්ම මෙම ප්‍රදේශයට නොමිලේ ඇතුළු වීමටද හැකියාව ඇති බව ඔහු සඳහන් කර තිබිණි.

No comments:

Post a Comment

Post Bottom Ad