ඇමති ඩලස් ප‍්‍රසිද්ධියේ සමාව අයදී ! - විගස පුවත් 24x7 - Vigasapuwath 24x7

Breaking

Tuesday, February 25, 2020

ඇමති ඩලස් ප‍්‍රසිද්ධියේ සමාව අයදී !

රුවන් අවුවේ නොතැබිය යුතු බවට අධ්‍යාපන අමාත්‍යාංශය විසින් නිකුත් කරන ලද චක්‍රලේඛයක් තමන් අතින් කඩ වූ බව අධ්‍යාපන ඇමැති ඩලස් අලහප්පෙරුම මහතා පැවසීය.

ඒ හේතුවෙන් තමන් ඊට සමාව ආයාචනා කරන බව ද ඇමතිවරයා කරන්දෙණියේ දී පැවති උත්සව සභාවක් අමතමින් පැවසීය.

අධ්‍යාපන ඇමතිවරයා මේ බව සඳහන් කළේ කරන්දෙණිය මධ්‍ය මහා විද්‍යාලයේ පැවති විවෘත කිරීමේ උත්සවයේදී එහි සිසු සිසුවියන් අව්වෙන් සිටින අයුරු දැකීමෙනි.

ඇමැතිවරයා විසින් එම සිසුන් හෙවනකට යැවීමටද කටයුතු කරන ලදී.

මේ දිනවල රට පුරා පවතින වියළි කාලගුණය හේතුවෙන් පාසැල් සිසු සිසුවියන් පෙරවරු 11.00 සිට පස්වරු 03.00 දක්වා කාලය තුල අව්වට නිරාවරණය නො කරන ලෙස අධ්‍යාපන අමාත්‍යාංශය විසින් චක්‍රලේඛයක් නිකුත් කර ඇත.


No comments:

Post a Comment

Post Bottom Ad