වෙඩි තියලා මරලා දානවා උඹවයි රන්ජන් අයියවයි දෙන්නනම කියල ප්‍රියාන් මැණික් කිවුවා - පියුමි හෙලි කරයි - විගස පුවත් 24x7 - Vigasapuwath 24x7

Breaking

Sunday, January 26, 2020

වෙඩි තියලා මරලා දානවා උඹවයි රන්ජන් අයියවයි දෙන්නනම කියල ප්‍රියාන් මැණික් කිවුවා - පියුමි හෙලි කරයි

එයා කිව්වේ ‘‘වෙඩි තියලා මරලා දානවා උඹවයි රන්ජන් අයියවයි දෙන්නවම’’ කියලා.

ඌ නං මහ ගොං මීහරකෙක්. 
ඕකට ආතක් පාතක් නෑ.


රන්ජන් රාමනායක මහතා සහ තමන්ව මරා දමන බවට දුරකතනයෙන් තර්ජනය කරන බව නිරුපණ ශිල්පිනි පියුමි හංසමාලි මහත්මිය පවසනවා.

ඒ සමග රන්ජන් රාමනායක මහතාගේ දුරකථන ඇමතුම පිටවීමෙන් පසු තත්ත්වය සම්බන්ධයෙන් පියුමි හංසමාලි සතිඅන්ත පුවත්පතකට කළ හෙළිදරව්ව පහතින් දැක්වෙනවා.

‘‘ෆ්‍රී පබ්ලිසිටි’’ කිව්වට පියුමි ආරංචියි රටේ ඉන්නත් බැරි තරමට ඒ පබ්ලිසිටි එක වැඩි වෙලා කියලා?

නෑ…නෑ…‍ රටේ ඉන්න බැරි තත්ත්වයක් නං උදාවෙලා නෑ මට. නමුත් මට රට යන්න ආසාවක් තියෙනවා. ඒ යන නිව්ස් එක තමයි ලීක් වෙලා කට්ටිය අහන්නේ. මම රට යන්න තමයි ඉන්නේ.

රට යන්න ඉස්සරවෙලා ජීවත් වෙන්න ඕන නේ. මරණ තර්ජන එහෙමත් ඇවිල්ලා ලු නේ?

මෙච්චර කාලෙකට නං ඇවිල්ලා නෑ. නමුත් ගිය සතියේ නං ‘‘ප්‍රියාන් මැණික්’’ කෝල් කරලා කිව්වා මරනවා කියලා.

ඇයි දන්නේ නෑ එයාට ඔයාව මරන්න හිතිලා තියෙන්නේ?

එයා පහුගිය කාලේ දීපු ගොඩක් ඉන්ටවිව්ස්වල වල හරි කැත විදිහට මං ගැන සෑහෙන දේවල් කියලා තිබුණා. ඉතිං මම ඒවා බලලා කිව්වා අයියා ඔයා දෙන ඉන්ටවිව්ස් එකක් දෙන්න මගේ චරිතේ ඝාතනේ නොකර කියලා. හැබැයි දැන් ඔයා මගේ චරිතේ ඝාතනේ කළ හින්දා මගේ ළඟ තියෙන ඔයාගේ දේවලුත් මම කියනවා කියලා කිව්වා. එතකොට තමයි එයා කිව්වේ ‘‘වෙඩි තියලා මරලා දානවා උඹවයි රන්ජන් අයියවයි දෙන්නවම’’ කියලා.

පියුමි ඔය මරණ තර්ජන හා සියලු ප්‍රශ්නවලට මුල දැන් ඔයා ඔය කිව්ව රන්ජන් රාමනායක එක්ක ඔයා කරපු දුරකතන සංවාදය හා එයා ඒක පටිගත කිරීම නෙවෙයි ද?

ඒක තමයි. ඒකට තමයි ප්‍රියාන් මැණික්ට කේන්ති ගිහිල්ලා තියෙන්නේ.

ඉතිං ඔයාට මොකද හිතෙන්නේ රන්ජන් රාමනායක ඔයා එක්ක කතා කරපු දේවල් ඒ විදිහට පටිගත කිරීම ගැන?

එයා වුවමනාවෙන් ඒ දේවල් පටිගත කළේ නෑ. ඒක මම දැනුත් කියනවා, හෙටත් කියනවා. එයා පාව්ච්චි කරන්නේ ඔය සැම්සුන් ෆෝන් එකක්. මගේ යාළුවෙක් ළඟත් එකක් තිබුණා. එකේ එන, යන, රින් වෙන එකේ ඉඳලාම රෙකෝඩ් වෙනවා. ඉතිං එයා මෙමරි ෆුල් වෙනකොට එක සීඩී එකකට දාගන්නවා ඇති. නමුත් අවුට් වෙන්න ඕන දේවල් නෙවෙයි එයාගෙත් අවුට් වුණේ. ඉතිං ඒක ඔටෝ රෙකෝඩ් වුණානේ. ඉතිං මට එයාට ඒක ගැන බ්ලේම් එකක් දාන්න බෑ.

ඒ කියන්නේ ඔයා ඒ වැඩේ සාධාරණීය කරනවා?

නෑ එයා ඒ කරපු වැඩේ හරි වැරදියි. මොකද ඒකෙන් මට විතරක් නෙවෙයි ගොඩාක් අයට… ඊට වැඩි දේශපාලන ඥාතීන්ගේද ෆැමිලි ලයිෆ් ද දැන් බැඳලා ළමයි ඉන්න අයගෙද ගොඩාක් අයගේ චරිත ඝාතනය වුණා. මේ හැමදේම වුණේ අර වැරදි කෙනා අතට සීඩී එක ගිය නිසා. එයා හැම දේම එළියට දැම්මා. එයාලට අවශ්‍ය කරන හඬපට විතරක් එළියට දාලා අපේ දේවල් නැතුව තිබුණානම් හොඳයි.

පියුමි ඔයා කියන්නේ මේක වෙන කෙනෙක් තමන්ගේ පුද්ගලික ලාබ ප්‍රයෝජනයක් සඳහා එළියට දැම්මා කියලා. ඒ විදිහටම ඔයාට හිතෙන්නේ නැත්තේ ඇයි රන්ජන් රාමනායක එයාගේ ලාභයක් හෝ ප්‍රයෝජනයක් සඳහා මේ හඬ පට එළියට දැම්මා කියලා?

අනේ නෑ. එයා හිතාමතා මේ දේවල් එළියට දැම්මේ නෑ. ඒක මම හොඳටම දන්නවා. මොකද ඒ මනුස්සයා මාත් එක්ක නිතරම කතා කරන නිසා මම දන්නවා එයා ඒක වුවමනාවෙන් එළියට දැම්මේ නෑ. නමුත් එයාගේ දේශපාලන ගමනේදී එයා සමහර දේවල් පටිගත කළා කියලා කිව්වා එයාට සාක්ෂි හැටියට පෙන්නන්න. එහෙම නැතුව ඔය එක එක වෘත්තීන්වල අය එක්ක කතා කරපුවා රෙකෝඩ් කරලා සීඩීවල දාගෙන ඉන්න තරම් පිස්සුවක් එයාට නෑ කියලා තමයි එයා මට කිව්වේ.

එයා ඔයා එක්ක හුඟක් දේවල් කතා කරා කිව්වනේ. යම් යම් දේශපාලන චරිත කතා කරපු දේවලුත් එයාට අවශ්‍ය වුණොත් ගන්න රෙකෝඩ් කළා කියලා කිව්වනේ. කවුද ඒ. ඔයා දන්න ඒ කීපදෙනෙකුගේ නම් කියන්න බැරිද?

නම් කියන්න…. නෑ එයා ඒවා ගැන නම් මාත් එකක් කතා කරන්නේ නෑ. නමුත් මේ ළඟදී කතා කරනකොට කිව්වේ ඒ සමහර දේවල් තිබුණා අවශ්‍ය වෙලාවට ගන්න කියලා තමයි කිව්වේ. නැතුව එහෙම නම් වශයෙන් මාත් එක්ක කතා කරලා නෑ.

ළගදී කතා කළා කිව්වේ මේ හඬපට හුටපටය සිද්ධ වුණාට පස්සෙත් ආයිත් කතා කළාද?

ඔව්.. ඔව්.. හඬ පට අවුට් වුණාට පස්සේ හැමදාම වගේ කතා කළා. මං ඉතිං කෝල් කර කර අහනවා ‘‘අයියේ හෙට මොකද්ද අවුට් වෙන්නේ‘‘? ‘‘මම දන්නේ නෑ බං. මාත් මේ බලාගෙන ඉන්නේ මොන මරාලයක් කඩාගෙන පනියි ද දන්නේ නෑ කියලා’’. එතකොට මම කිව්වා ‘‘මේ ඉන්නත් නෑ. අයියෝ ගෙදර ඉන්නත් නෑ. මට අම්මත් කෑ ගහනවා’’ කිව්වාම ‘‘ඉන්ඩ… ඉන්ඩ… ඉන්ඩකෝ ශේප් එකේ දැන් මේ මම ඉන්නේ ඉතිං චූන් එකේ’’ කියලා එයා කිව්වා. ඒත් අන්තිමට මදෑ චූන් එකේ ඉඳලා එයා ගියා.

රන්ජන් ආයිත් කෝල් කරනකොට ඔයාට බය හිතුනේ නැද්ද ඒ කතා කරන එකත් රෙකෝඩ් කරයි කියලා?

නෑ ඉතිං අපි දෙන්නා ඒ වෙලාවේ වැඩිපුරම කතා කළේ ප්‍රියාන් මැණික් ගැන. ප්‍රියාන් මැණික් පහුගිය ටිකේ වෙබ් සයිට් 12 කට විතර මාර විදිහට ඉන්ටවීව්ස් දුන්නා. ඊට පස්සේ එයා මට කෝල් කරපු අවස්ථාවේදිත් කිව්වේ ‘‘මම රටේ ජනප්‍රිය චරිතයක්. උඹයි රන්ජනුයි වැඩක් නෑ. උඹලා දෙන්නාට මිනිස්සු ආදරේ නෑනේ මට මිනිස්සු ආදරෙයි’’ කියලා. එතකොට මේ රන්ජන් අයියා අවුරුදු 30 ගාණක් මේ ෆීල්ඩ් එකේ පොල් ගාලා තියෙන්නේ. පියුමි හංසමාලි අවුරුදු 10ක් ගෝල් ෆේස් එකේ කඩල විකුණලා තියෙන්නේ. ප්‍රියාන් මැණික් තමයි සුපර්ස්ටාර්. මේ තිරයේ නළුවා, නිළිය, ඇමැතිවරයා ඔක්කොම එයා. නළුවා නිළිය ඇමැතිවරයා ඔය රන්ජන් අයියයි මායි කිසි දෙයක් කරලා නෑ. රන්ජන් අයියගෙයි මගෙයි මේ යන හුට පට අස්සේ ප්‍රියාන් මැණික් උත්සහ කළේ ඉන්ටවීව්ස් දීලා ප්‍රසිද්ධ වෙන්න. නමුත් ලංකාවේ ඉන්න එයත් එක්ක ෆේස් බුක් එකෙන් කතා කරලා තියෙන හැම කෙනෙක්ම දන්නවා එයාට පොඩ්ඩක් අපේ රන්ජන් අයියට වගේ මොකක් හරි මොළේ අමාරුවක් තියෙනවා කියලා.

ඒ කියන්නේ රන්ජන් රාමනායකට මානසික ලෙඩක් තියෙනවා කියලා පියුමි හංසමාලි පිළිගන්නවා?

අනේ නැහැ. මම ඒක ජොලියට කිව්වේ. මම හැමදාම නහින්නේ කට හින්දා. එයා හැබැයි රන්ජන් අයියා දැන් ඔය කතාකරන දේවල් එක්ක ගොඩක් අය කිව්වේ එයා මානසික ලෙඩක් කියලා. හැබැයි ගොඩක් පිරිමි ගත්තොත් තමන්ගේ ගෑනිත් එක්ක හැසිරෙන විදිහට නෙවෙයි වෙන ගෑනුත් එක්ක හැසි​රෙන්නේ හා කතා කරන්නේ.‍ ප්‍රියාන් මැණිකුත් ඒ වගේ චරිතයක්. රන්ජන් අයියත් ඉතිං ඔය එක එක ගණිකාවොත් එක්ක කතා කරලා එක එක දේවල් එයා අහනවා. හැබැයි එයා කවදාවත් මාත් එක්ක ඒ වගේ දේවල් කතා කරලා නෑ. අපේ රොකෝඩින් එක අහනකොට ලංකාවේ මිනිස්සුන්ට පැහැදිලිව තේරෙනවා එකම ෆීල්ඩ් එකේ ඉන්න අපි දෙන්නා කෝප්පයක් හෝද හෝද ඉන්නවා ඇරෙන්න කුණු හරුප කතා කරන්නේ නැති බව.

කුණුහරුප කතා කරන්නේ නැති වුණාට ඔය දෙන්නා එකතු වෙලා මිනිස්සු බ්ලැක්මේල් කරනවා නේ?

මෙච්චර කාලෙකට කවදාවත් කරලා නෑ. මේකත් වුණේ ඔය ගනුදෙනුවයි. මේ මනුස්සයයි ගැන කතා කරද්දී මම රන්ජන් අයියට කිව්වා දැන් ඉතිං දෙන්න ඇත්තටම සල්ලි නෑ කියලා. එතකොට තමයි රන්ජන් අයියා අර ෆොටෝ ටික ගැන කතාව කිව්වේ. එහෙම නැතුව අපි දෙන්නා බ්ලැක්මේල් කරන එහෙම සීන් එකක හිටියේ නෑ. මමත් ඒ වෙලාවෙ රෙඩ් වයින් එකක් බීලා ගෙදර කම්මැලි කමෙන් තනියෙන් හිටියේ. ඒ වෙලේ අපි දෙන්නා ඉතිං ආතල් එකේ කරපු කතාවක් තමයි ඒ. අනිත් එක ඉතිං ප්‍රියාන් මැණිකුත් සල්ලි නැති කෙනෙක්ම නෙවෙයිනේ.

මිනිහට සල්ලි තියෙනවද නැද්ද කියන එක අදාළ නෑනේ ගත්ත ණයක් ආපහු දෙන්න. දැන් එතකොට ඔය ණය ආපහු දෙන්න අදහසක් ඇත්තෙම නැද්ද?

දෙනවා දෙයියනේ දෙනවා. දෙන්නෙ නැත්තේ නෑ. ඒත් දෙන්නත් එපා වුණේ අර මගේ යාලුවෝ එක එක දේවල් කිව්වා. මිනිහා අර ළමයාව බ්ලැක්මේල් කරන්න ගියා. ඒ දේවල් එක්ක මට කේන්ති ගියා.

රෙඩ් වයින් එකක් බීලා, ගොදර පාලුවේ ඉන්න වෙලාවක බලයේ ඉන්න ආණ්ඩුවේ ඇමැතිවරයෙක් අල්ලගෙන ව්‍යාපාරිකයෙකුගෙන් ගත්ත ණය අපහු නොදී ඉන්න කුමන්ත්‍රණය කරන එක සාධාරණ නෑ නේද පියුමි?

ඕගොල්ලෝ හිතන විදිහේ කුමන්ත්‍රණයක් මම කරලා නෑ. …. ඊට වැඩිය එහෙනං හිටපු ඇමැති කෙනෙක් එක්ක මේ අපේ ලංකාවේ හිටපු ජජස්ලා කුමන්ත්‍රණය කරලා හොඳ මිනිස්සු වැරදි පැත්තට ගෙනියලා තියෙන එකේ මේ හිනා වෙවී කතා කරන එක කුමන්ත්‍රණයක්, බ්ලැක්මේල් කිරීමක් කියලා කිසිසේත්ම කියන්න බෑ.

දැන් ප්‍රියාන් ඔයාව මරනවා කිවවනේ. එතකොට මේ හැම දෙයක්ම කරපු රන්ජන් ගැන මොකද කිව්වේ?

කිව්ව ඌ නං මහ ගොං මීහරකෙක්. ඕකට ආතක් පාතක් නෑ. අම්මා තාත්තෙක් නෑ. කිසි කෙනෙක් නෑ‍ ඕකවත් මං මරලා දානවා. මම දකුණේ කොල්ලෙක්. මම බය නෑ කියලා ඔන්න ඔය එක එක චණ්ඩින්ගේ නම් කිව්වා. මම නං දන්නේ නෑ ඒ චණ්ඩින්ගේ නම්.

රන්ජන් රාමනායකට දැන් පොඩි හරි පශ්චාත්තාපයක් තියෙනවාද එයාගේ අතින් ඔයාට වෙච්ච වැරද්ද ගැන?

අනේ ඔව්. එයා කිව්වා ‘‘අනේ බං මාර වැඩේ…. හෙණ අප්සට් එකේ. …‘‘එයාට මේ වෙච්ච දේට මාර අප්සට්. මොකද මම පුද්ගලිකව ඒ මනුස්සයාට හරි ආදරෙයි. අපි දෙන්නා මාර ක්ලෝස්. ඉතිං එයා ටක් ගාලා මගෙන් ඇහුවේ ‘‘මොකද තත්ත්වේ? ගෙදර ඉන්න බැරි තත්ත්වයක්ද තියෙන්නේ ?කොල්ලා මොකද? කියලා.

පිට වෙච්ච අනිත් හඬ පට ගැන මොකද කියන්නේ ඒ ගැනත් ඔහුට පසුතැවීමක් තියෙනවාද?

නෑ…නෑ….නෑ….ඒවා ගැන මුකුත් කිව්වේ නෑ, මං කෑ ගැහුවා. ‘‘අනේ මේ ඔයා මොන මඟුලකටද මේවා රෙකෝඩ් කරගත්තේ? අර එක එක ගෑනුන්ට ගෙවල්වලට එන්න කියන ඒවා’’ එතකොට එයා මට කිව්වා ‘‘මේ උඹට පිස්සුද බං. මම අවශ්‍ය දේවල් රෙකෝඩ් කර ගත්තත් ඔය ගෑනියෙක්ට එන්න කියලා, කරන්න කියන දෙයක් රෙකෝඩ් කරලා සීඩී එකක දාගන්න තරං මම මෝඩයෙක්ද?’’ ඔක්කොම ඔටෝ රෙකෝඩ් වෙලානේ බබා’’. කියලා. මම ඉතිං ඒක පිළිගත්තා. ඒක ඇත්තක් තමයි කියලා. මොකද මාත් එක්ක කතා කරපුව රෙකෝඩ් කරලා තියාගන්න එයාට අවශ්‍ය නෑ. මොකද එයාට අවශ්‍යම කරන, මේ ලංකාවේ හොඳ හොඳ දේවල් එයා රෙකෝඩ් කරලා තියාගෙන ඉඳලා තියෙනවා.

මොකද පියුමි ඒ හිටපු ඇමැතිතුමා හැම ගෑනු පරානෙකටම බබා… බබා… කියන්නේ?

මම හිතන්නේ සමහර විට ඒ එයා කතා කරන විදිහ වෙන්න ඇති. එයත් එක්ක ෆිට් ගොඩක් අය එක්ක එයා බබා බබා කියලා කතා කරනවා.

No comments:

Post a Comment

Post Bottom Ad