"වෝහාරික විගණන වාර්තාව පෙන්වා මහබැංකු කොල්ලය වහන්න බැහැ" - විගස පුවත් 24x7 - Vigasapuwath 24x7

Breaking

Sunday, January 26, 2020

"වෝහාරික විගණන වාර්තාව පෙන්වා මහබැංකු කොල්ලය වහන්න බැහැ"

මහබැංකු බැඳුම්කර නිකුතු සහ සේවක අර්ථ සාධක අරමුදලේ ආයෝජන සම්බන්ධයෙන් නිකුත් කර ඇති වෝහාරික විගණන වාර්තාව පෙන්වා මහබැංකු කොල්ලය වසන් කිරීමට නොහැකි බව ආණ්ඩු පක්ෂය පවසයි. 

ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ මාධ්‍ය හමුවකදී අමාත්‍ය කණක හේරත් මහතා පැවසුවේ මෙවන් වාර්තා සකස් කළ යුත්තේ විගණකාධිපතිවරයා මිස ශ්‍රී ලංකා මහබැංකුව විසින් නොවන බවයි. 

එහිදී ඒ මහතා මෙසේ අදහස් දැක්වීය.

"මුළු ලෝකයම දන්න මහ බැංකු මංකොල්ලය. ඒ සියල්ලක් පිළිබඳ අද රටේ සමස්ත මහ ජනතාව දන්නවා. එතකොට ව්‍යවහාරික විගණන වාර්තාවක් ගැන කියලා ඒ වාර්තාව ඉදිරිපත් කරලා අපට චෝදනා කරනවා හරියට අපි මහබැංකුව කැඩුවා වගේ. විශේෂයෙන්ම මේ වාර්තාව ගැන බැලුවොත් එහෙම එවැනි වාර්තාවක් විගණකාධිපතිතුමා තමයි හදන්න ඕනෙ. නමුත් මේකෙ හදලා තියෙන්නෙ කවුද ? මහබැංකුවෙ අධිපතිතුමා සහ අර මහබැංකුවෙ හොරකම් කරපු කාලෙ හිටපු නිලධාරී කණ්ඩායමක් එකතු වෙලා තමයි මේ ව්‍යවහාරික විගණන වාර්තාවක් ඉදිරිපත් කරලා තියෙන්නෙ. ඉතිං මේකෙදි අපි දකිනවා විශේෂයෙන්ම මේක පිළිබඳ කෑගහන්නෙ, පාර්ලිමේන්තුවෙ කෑගහන්නෙ මහබැංකු හොරකමට ලක්වෙලා හිටපු කණ්ඩායම. එක පැත්තකින් ෆුට් නෝට් කණ්ඩායම. ඊළඟට මුදල් ලබාගත්ත අය. ඊළඟට නිවාස ලබාගත්ත අය. මේ ගොල්ලො තමා වැඩියෙන්ම මේ පිළිබඳව කෑගහන්නෙ. විශේෂයෙන්ම කියනවා මේ වාර්තාව නෙවෙයි සැබෑ වාර්තාව තමයි ජනාධිපති කොමිසමක් දාලා . ඒ පිළිබඳව හොයලා බලලා ඉතාමත්ම කඩිනමින් මේ ගොල්ලොන් නීතියට ගේන්න ඕනෙ. අර්ජුන ඇලෝශියස්ගෙ සල්ලි ගත්තු අය ඒකෙන් බේරෙන්න තමයි මේ වාර්තාව ඉදිරිපත් කරලා තියෙන්නෙ කියන එක අපි මේ අවස්ථාවේදී චෝදනා කරනවා" 

No comments:

Post a Comment

Post Bottom Ad