හකීම්ලා, බදූර්දීන්ලා කවදාවත් ආණ්ඩුවට ගන්නේ නෑ - දයාසිරි - විගස පුවත් 24x7 - Vigasapuwath 24x7

Breaking

Sunday, January 26, 2020

හකීම්ලා, බදූර්දීන්ලා කවදාවත් ආණ්ඩුවට ගන්නේ නෑ - දයාසිරි

හකීම්ලා, බදූර්දීන්ලා කවදාවත් ආණ්ඩුවට ගන්නේ නෑ - දයාසිරි

ශ්‍රී ලංකා මුස්ලිම් කොංග්‍රසයත්, රිෂාඩ් බදූර්දීන් මහතාගේ පක්ෂයත් කිසිවිටෙක ආණ්ඩුවට එකතු කරගැනීමට ආණ්ඩුව කටයුතු කරනු ඇතැයි තමන් නොසිතන බව රාජ්‍ය අමාත්‍ය දයාසිරි ජයසේකර මහතා පවසයි. 

දයාසිරි ජයසේකර මහතා මේ බව පැවසුවේ මඩකළපුව ප්‍රදේශයේ පැවති උත්සවයක් අමතමිනි. 

"මුස්ලිම් කොංග්‍රසයත්, රිෂාඩ් බදූර්දීන් මහතාගේ පක්ෂයත් මම හිතන්නෙ නෑ කිසි වෙලාවක ආණ්ඩුවත් එක්ක එකතු කරගන්න ආණ්ඩුව සූදානම් වෙයි කියලා. මොකද, ගෝඨාභය රාජපක්ෂ මැතිතුමාට සහයෝගය දුන්න විශාල පක්ෂ සං‍ඛ්‍යාවක් තීරණය කරලා තියෙනවා ඔවුන් යම් ජාතිවාදී අදහසක ඉඳගෙන වැඩ කළයි කියලා. ඒ නිසා ඔවුන් කල්පනා කරන්නෙ නායකයින් නැතුව ජනතාවට කතා කරන්න. කවදාවත් ජනතාව ජාතිවාදී නෙවෙයි. දමිළ සහ මුස්ලිම් ජනතාව ජාතිවාදී ලෙස හැසිරෙන්නෙ නෑයි කියලයි මම විස්වාස කරන්නෙ. හැබැයි ඔබගෙන් ඡන්ද ගන්න ජාතිවාදී නායකයින් ඔබව ජාතිවාදයට තල්ලු කරනවා" යනුවෙනුන් ඒ මහතා සඳහන් කළේය. 

No comments:

Post a Comment

Post Bottom Ad