සජිත්ගේ සන්ධානයේ ලේකම් රංජිත් : ණය නිසා සන්ධානයේ වැඩ ඇනහිටියි! - විගස පුවත් 24x7 - Vigasapuwath 24x7

Breaking

Sunday, January 19, 2020

සජිත්ගේ සන්ධානයේ ලේකම් රංජිත් : ණය නිසා සන්ධානයේ වැඩ ඇනහිටියි!

එජාපයේ සජිත් හිතවාදීන් පක්ෂයෙන් ඉවත් නොවී වෙනම මන්ත්‍රී කණ්ඩායමක් ලෙස අලුත් සන්ධානයක් සකස් කිරීමට මේවන විට තීරණය කර ඇතැයි වාර්තා වේ.
අදාළ තීරණය ගෙන ඇත්තේ එම පක්ෂයේ ජ්‍යෙෂ්ඨයන් විසින් පසුගිව සිකුරාදා කරන ලද සාකච්ඡාවේදීය.

නව සන්ධානයේ නම ලකුණ හා තනතුරු සම්බන්ධයෙන් තවමත් අවසන් තීරණයක් ගෙන නොමැති බව පැවසේ.

එයට හේතුව වී ඇත්තේ ඔවුන් ඉදිරි මහ මැතිවරණයට තරගවැදීමට ලබා ගැනීමට සැලැසුම්කර ඇති ලියාපදිංචි දේශපාලන පක්ෂය මේ සන්ධානයට ලබාදීමට තවම එකඟවී නොමැතිවීම බව ශ්‍රී ලංකා මිරර් වෙත වාර්තා වේ.

මේ අතර, නව සන්ධානයේ ප්‍රධාන ලේකම් ධුරයට මොණරාගල දිස්ත්‍රික් මන්ත්‍රී රන්ජිත් මද්දුම බණ්ඩාර මහතා පත් කිරීමට සැලැසුම් කර ඇති බවද පැවසේ.

සන්ධානය ස්ථාපිත කිරීමෙන් පසු මහ මැතිවරණය ප්‍රකාශයට පත් කිරීමට පෙර රටපුරා ආසන මට්ටමින් ජනරැලි මාලාවක් තැබීමටද තීන්දු කර තිබේ.

එසේම එක්සත් ජාතික පක්ෂ ආසන සංවිධායකයන් සහ පළාත් සභා ප්‍රාදේශීය සභා මන්ත්‍රීන් සමග ද සාකච්ඡා පැවැත්වීමට එම සන්ධානය මේවන විට සැලැසුම්කර ඇතැයි වාර්තා වේ.

නව ආණ්ඩුවේ ජනතා හිතවාදී නොවන ක්‍රියා ගැන මෙන්ම පක්ෂ මන්ත්‍රීන් ගත් අලුත් තීන්දුව ගැන ජනතාව දැනුවත් කිරීම මෙම රැස්වීම් මාලාවේ අරමුණ බව දැනගන්නට ඇත.

සන්ධානයට සල්ලි නෑ

අදාළ සන්ධානයට ගොඩනැගීමට මේවන විට ප්‍රධානම ප්‍රශ්නය වී ඇත්තේ මුදල් නොමැතිකම බවද මේ අතර වාර්තා වේ.

සජිත් ප්‍රේමදාස මහතාගේ ජනාධිපතිවරණ මැතිවරණ ව්‍යාපරය සඳහා ද රුපියල් මිලියන 260ක පමණ මුදලක් ණය වී ඇති අතර ඊට අදාළ ගෙවීම් නොකිරීම නිසා ඊට දායකවූ පිරිස දැඩි අසරණ තත්ත්වයකට පත්ව ඇතැයි වාර්තා වේ.

මෙසේ ණයවීමට ප්‍රධානම හේතුව වී ඇත්තේ සජිත්ගේ මැතිවරණ ව්‍යාපරය වෙනුවෙන් වෝක්ෂෝල්වීදියේ මූලස්ථානයේ ක්‍රියාත්මක වූ මැතිවරණ කාර්යාලයේ සිටි කිහිපදෙනෙකු විසින් මුදල් පරිහරණය කිරීම බව පැවසේ.

සජිත්ගේ මැතිවරණ ව්‍යාපාරයට ව්‍යාපාරිකයන්ගෙන් මුදල් ලබාගත් කිහිපදෙනෙකු අදාළ මැතිවරණ ව්‍යාපරයට මුදල් ලබා නොදී ඒවා අතුරුදහන්කර ඇති බවද මේ අතර වාර්තා වේ.

No comments:

Post a Comment

Post Bottom Ad