සජිත්ගේ සන්ධාන නායකත්වයට එජාපෙ සියලු පක්ෂ එකඟයි - මාන්නප්පෙරුම - විගස පුවත් 24x7 - Vigasapuwath 24x7

Breaking

Monday, January 20, 2020

සජිත්ගේ සන්ධාන නායකත්වයට එජාපෙ සියලු පක්ෂ එකඟයි - මාන්නප්පෙරුම

සජිත්ගේ සන්ධාන නායකත්වයට එජාපෙ සියලු පක්ෂ එකඟයි - මාන්නප්පෙරුම

එක්සත් ජාතික පෙරමුණේ නායකත්වය සඳහා විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා පත්කිරීමට එම පෙරමුණ නියෝජනය කරන සියලු පක්ෂ කැමැත්ත ප්‍රකාශ කර ඇති බව පාර්ලිමේන්තු මන්ත්‍රී අජිත් මාන්නප්පෙරුම මහතා පවසයි.

විපක්ෂනායක කාර්යාලයේ පැවති මාධ්‍ය හමුවකට එක්වෙමින් මන්ත්‍රීවරයා මේ බව සඳහන් කළේය.

එක්සත් ජාතික පෙරමුණේ නායකත්වය එක්සත් ජාතික පක්ෂයේ නායකත්වට අදාළ කරුණක් නොවන බවයි ඒ මහතා වැඩිදුරටත් කියා සිටියේ.

කිසිදු හේතුවක් මත එක්සත් ජාතික පක්ෂය දෙකට බෙදීමක් සිදු නොවන බවත් එසේ වීමට තමන් ඉඩ නොදෙන බව සජිත් ප්‍රේමදාස මහතා ප්‍රකාශ කර ඇති බවත් අජිත් මාන්නප්පෙරුම මහතා කියා සිටියේය.

No comments:

Post a Comment

Post Bottom Ad