එජනිස පාර්ලිමේන්තු මන්ත්‍රී රංජිත් සොයිසා අභාවප්‍රාප්ත වෙයි - විගස පුවත් 24x7 - Vigasapuwath 24x7

Breaking

Wednesday, December 4, 2019

එජනිස පාර්ලිමේන්තු මන්ත්‍රී රංජිත් සොයිසා අභාවප්‍රාප්ත වෙයි

එජනිස පාර්ලිමේන්තු මන්ත්‍රී රංජිත් සොයිසා අභාවප්‍රාප්ත වෙයි

රත්නපුර දිස්ත්‍රික් එක්සත් ජනතා නිදහස් සංධාන පාර්ලිමේන්තු මන්ත්‍රී රංජිත් සොයිසා අභාවප්‍රාප්ත වී තිබේ.

ඒ, සිංගප්පුරු රෝහලක ප්‍රතිකාර ලබමින් සිටියදී ය.

මිය යනවිට ඒ මහතාගේ වයස අවුරුදු 57 කි.

එක්සත් ජනතා නිදහස් සංධානයෙන් පාර්ලිමේන්තුවට තේරී පත්වුවද මියයන විට ඔහු ශ‍්‍රීලංකා පොදුජන පෙරමුණ නියෝජනය කළේය. පසුගිය ජනාධිපතිවරණයේ දි ජනාධිපති ගෝඨාභය රාජපක්‍ෂ මහතාගේ ජයග‍්‍රහණය වෙනුවෙන් විශාල වැඩකොටසක් ඔහු සිදුකළේය.

හදිසියේ අසනීප වූ රංජිත් සොයිසා මන්ත‍්‍රීවරයා පසුගිය 28දා අලූයම ප‍්‍රතිකර සඳහා ගුවන් මගින් සිංගපූරුවේ රෝහලකට ගෙන යනු ලැබීය.

වැවිලිකරුවෙකුවූ රංජිත් සොයිසා මහතා ශ‍්‍රීලංකා නිදහස් පක්‍ෂයේ ක‍්‍රියාකාරිකයෙක් විය. 1997දී අටකලන්පන්න ප‍්‍රාදේශීය සභාවේ සභාපතිවරයා ලෙස ක‍්‍රියාකාරී දේශපාලනයට පිවිසියේය. 2002 දී එම ප‍්‍රාදේශීය සභාවේ විපක්‍ෂ නායකයාද විය. 2004 පැවති සබරගමු පළාත් සභා මැතිවරණයෙන් එක්සත් ජනතා නිදහස් සංධානය නියෝජනය කරමින් එහි මන්ත‍්‍රීවරයෙකු ලෙස  කටයුතු කළේය.

පසුව සබරගමු පළාත් සභාවේ කෘෂිකර්ම ඇමතිවරයා ලෙස ද කටයුතු කළ රංජිත් සොයිසා මහතා 2015 මහ මැතිවරණයෙන් එක්සත් ජනතා නිදහස් සංධානය නියෝජනය කරමින් රත්නපුර දිස්ත‍්‍රික්කයෙන් පාර්ලිමේන්තුවට තේරීපත් විය.

රංජිත් සොයිසා මන්ත්‍රීවරයා දෙදරු පියෙකි.

No comments:

Post a Comment

Post Bottom Ad