හිටපු මැති ඇමැතිවරුන්ට තවදුරටත් ප්‍රභූ ආරක්ෂකයන්ගේ රැකවරණය - විගස පුවත් 24x7 - Vigasapuwath 24x7

Breaking

Tuesday, December 3, 2019

හිටපු මැති ඇමැතිවරුන්ට තවදුරටත් ප්‍රභූ ආරක්ෂකයන්ගේ රැකවරණය

සුගිය රජයේ කැබිනට් රාජ්‍ය සහ නියෝජ්‍ය අමාත්‍යවරුන්ට ලබා දී තිබූ ඇමති ආරක්ෂක කොට්ඨාසයේ නිලධාරීන් මෙතෙක් ඉවත් කර නොමැති බව වාර්තා වෙයි.

එම නිලධාරීන්ට ඉවත් වීම සඳහා ඇමැති ආරක්ෂක කොට්ඨාසයෙන් මෙතෙක් දැනුම් දීමක් සිදුකර නොමැත.
එහෙත් ඇතැම් හිටපු අමාත්‍යවරුන් ආරක්ෂක නිලධාරීන් යළි ඇමැති ආරක්ෂක කොට්ඨාසයට යොමු කර තිබේ. මේ අතර ජනාධිපති ආරක්ෂක කොට්ඨාසයේ සිටි පොලිස් නිලධාරීන් එකසිය අසූ හත් දෙනකු සහ ඇමැති ආරක්ෂක කොට්ඨාසයේ සිටි පොලිස් නිලධාරීන් දෙසිය හතක් ද ඇමැති ආරක්ෂක කොට්ඨාසයට මේ වන විට යොමු කර ඇත. ඔවුන්ට ද දෛනික රාජකාරියක් නොමැතිව ඇමැති ආරක්ෂක කොට්ඨාසයේ රැඳී සිටිති.

යහපාලන රජයේ මැති ඇමැතිවරුන්ගේ ආරක්ෂාව සඳහා යොදවා සිටි පොලිස් නිලධාරීන්ගේ සංඛ්‍යාව පන්සීයකට ආසන්න වෙති.

උදයජීව ඒකනායක


No comments:

Post a Comment

Post Bottom Ad