ජල නළයක හටගත් හදිසි බිඳවැටීමක් හේතුවෙන් වත්තල ජල සැපයුම අත්හිටුවයි - විගස පුවත් 24x7 - Vigasapuwath 24x7

Breaking

Monday, December 2, 2019

ජල නළයක හටගත් හදිසි බිඳවැටීමක් හේතුවෙන් වත්තල ජල සැපයුම අත්හිටුවයි


 ප්‍රධාන ජල නළයක හටගත් හදිසි බිඳවැටීමක් හේතුවෙන් වත්තල හේකිත්ත මාර්ගයේ ප්‍රදේශ කිහිපයකට ජල සැපයුම අත්හිටුවා ඇති බව ජාතික ජල සම්පාදන සහ ජලපවාහන මණ්ඩලය පවසනවා.

ඒ අනුව හේකිත්ත, පල්ලියවත්ත, ඇළකන්ද, බලගලවත්ත, මරදානපාර, වැලිඅමුණ, ඇළකන්ද පාරේ කොටසකට සහ හැඳල පාර යන ප්‍රදේශවලට ජල සැපයුම අත්හිටුවා ඇති බව වාර්තා වේ.

අදාළ නළ මාර්ගය පිළිසකර කර යථාතත්වයට පත්කළ හැකි වේලාව දැනුම් දීමට කටයුතු කරන බවයි ජාතික ජල සම්පාදන සහ ජලපවාහන මණ්ඩලය සඳහන් කළේ.

No comments:

Post a Comment

Post Bottom Ad