මාධ්‍ය හිංසනය යළිත් ! ප්‍රහාරයට ලක් වූ හබරාදූව මාධ්‍යවේදියාට යුක්තිය ඉටු කරනු ! - විගස පුවත් 24x7 - Vigasapuwath 24x7

Breaking

Friday, November 15, 2019

මාධ්‍ය හිංසනය යළිත් ! ප්‍රහාරයට ලක් වූ හබරාදූව මාධ්‍යවේදියාට යුක්තිය ඉටු කරනු !

අද අළුයම, මාධ්‍යවේදී ලසන්ත විජයරත්න මහතාට එල්ල වූ ප්‍රහාරයට විරෝධය පළ කරන විරෝධතාවයක් කොටුව දුම්රියපොල ඉදිරිපිට අද සවස පැවැත්විණි. මෙය සංවිධානය කර තිබුණේ ප්‍රජාතන්ත්‍රවාදය සඳහා මාධ්‍යවේදියෝ සංවිධානයයි.

යටපත්ව තිබූ මාධ්‍ය හිංසනය නැවත හිස ඔසවමින් තිබෙන බවත්, වියරු යුගයක් කරා නැවතත් රට ගමන් කරමින් තිබෙන බවත් විරෝධතාවය සඳහා සහභාගි වූ පුද්ගලයන් විසින් අවධාරණය කෙරිණි. එවැනි තත්වයකට රට පත්වීම වැලැක්වීම සඳහා ඉදිරිපත් වන්නැයි ඔවුන් ප්‍රජාතන්ත්‍රවාදය අගයන සියලු පුරවැසියන්ගෙන් ඉල්ලා සිටී.
මෙම විරෝධතාවය සඳහා මාධය සංවිධාන, දේශපාලන පක්ෂ, පුරවැසි සංවිධාන නියෝජිතයන් පිරිසක් එක්ව සිටියහ.

No comments:

Post a Comment

Post Bottom Ad