“වැරදි නිවැරදි කර ගැනීමට වසරකට වඩා කල් දෙන්නේ නැහැ”- පූජ්‍ය ඇල්ලේ ගුණවංශ හිමි - විගස පුවත් 24x7 - Vigasapuwath 24x7

Breaking

Wednesday, November 27, 2019

“වැරදි නිවැරදි කර ගැනීමට වසරකට වඩා කල් දෙන්නේ නැහැ”- පූජ්‍ය ඇල්ලේ ගුණවංශ හිමි

“වැරදි නිවැරදි කර ගැනීමට වසරකට වඩා කල් දෙන්නේ නැහැ”- පූජ්‍ය ඇල්ලේ ගුණවංශ හිමි

ආණ්ඩුව නිවැරදි මාවතක ගමන් කිරීම අවශ්‍ය බවත්, වැරදි ඇත්නම් ඒවා නිවැරදි කර ගැනීමට ආණ්ඩුවට වසරකට වඩා කල් නොදෙන බව ත් පූජ්‍ය ඇල්ලේ ගුණවංශ හිමියෝ පැවසූහ.

උන්වහන්සේ මෙම අදහස් පළ කළේ, අමාත්‍ය බන්දුල ගුණවර්ධන මහතා ජනමාධ්‍ය අමාත්‍යංශයේ වැඩ භාර ගැනීමේ අවස්ථාවට එක් වෙමිනි.

යළි වැරදුණ හොත් රට ගොඩ ගැනීමට නොහැකි වන බව ද උන්වහන්සේ එහිදී අවධාරණය කළහ.

තවද ජාත්‍යන්තර ගිවිසුම් පිළිබඳ අදහස් පළ කරමින් උන්වහන්සේ පැවසුවේ, ජාත්‍යන්තර ගිවිසුම්වලින් රට බරපතළ ලෙස තරජනයකට ලක් කර ඇති බවත් ඒවා ඉතා සුපරීක්ෂාකාරීව, සංයමයකින් එකී ගිවිසුම් සාදාරණත්වයට හරවා ගැනීමට අවශ්‍යව ඇති බවත් ය.

No comments:

Post a Comment

Post Bottom Ad