තරුණයන් 11 පැහැරගෙන ගොස් අතුරුදන් කිරීම සම්බන්ධව වසන්ත කරන්නාගොඩ ඇතුළු 14කට අධිචෝදනා - විගස පුවත් 24x7 - Vigasapuwath 24x7

Breaking

Tuesday, November 12, 2019

තරුණයන් 11 පැහැරගෙන ගොස් අතුරුදන් කිරීම සම්බන්ධව වසන්ත කරන්නාගොඩ ඇතුළු 14කට අධිචෝදනා

2008 – 2009 කාලසීමාව තුළ පාසල් සිසුන් ඇතුළු තරුණයන් 11 දෙනෙකු පැහැරගෙන ගොස් අතුරුදන් කිරීමේ සිද්ධියට අදාලව හිටපු හමුදාපති රියර් අද්මිරාල් වසන්ත කරන්නාගොඩ ඇතුළු නාවික හමුදා බුද්ධි අංශ නිලධාරීන් 14කට එරෙහිව නීතිපතිවරයා විසින් චෝදනා 678ක් යටතේ ඊයේ(11) දින කොළඹ මහාධිකරණයේ අධිචෝදනා ගොනුකර තිබේ.

එම නඩුව විභාග කිරීම සඳහා විශේෂ ත්‍රිපුද්ගල මහාධිකරණ විනිසුරු මඬුල්ලක් පත්කරන ලෙසත් නීතිපතිවරයා විසින් අගවිනිසුරුවරයාගෙන් ඉල්ලීමක් කර ඇත.
සුදු වෑන් භාවිතා කරමින් 2008 වසරේ අගෝස්තු 25 වැනි දා සහ 2009 මාර්තු 21 වැනි දා කාලය අතර අවස්ථා 06 කදී කොටහේන ඇතුළු තදාසන්න ප්‍රදේශවලදී තරුණයින් ඇතුළු 11 දෙනෙකු පැහැර ගෙන ගොස් අතුරුදන් කිරීම ඇතුළු අධිචෝදනා යටතේ මෙම නඩුව පවරා තිබේ.

No comments:

Post a Comment

Post Bottom Ad