වාහන පාර අයිනේ නැවැත්වීමේදී දුරකතන අංකය දැක්වීම අනිවාර්යයි.. නැතොත් බෝම්බ නිෂ්ක‍්‍රිය අංශයට බාරයි - පොලීසිය - විගස පුවත් 24x7 - Vigasapuwath 24x7

Breaking

Friday, October 18, 2019

වාහන පාර අයිනේ නැවැත්වීමේදී දුරකතන අංකය දැක්වීම අනිවාර්යයි.. නැතොත් බෝම්බ නිෂ්ක‍්‍රිය අංශයට බාරයි - පොලීසිය

කාර්මික දෝෂයකට ලක් වීමක් නිසා හෝ වෙන ඔ්නෑම හේතුවක් නිසා වාහනයක් කිසියම් ස්ථානයක නතර කර යන්නේ නම් එහි තවත් පුද්ගලයෙකු රඳවා වන ලෙස පොලීසිය මහජනතාවගෙන් ඉල්ලා සිටී. එසේ කළ නොහැකි අවස්ථාවකදී නම් 119 දුරකථන අංකය අමතා ළඟම පොලිස් ස්ථානය දැනුවත් කරන ලෙස ද පොලිස් මාධ්‍ය ප්‍රකාශක පොලිස් අධිකාරී රුවන් ගුණසේකර මහතා ජනතාවගෙන් ඉල්ලා සිටී.

එමෙන්ම වාහනයේ රියදුරුගේ දුරකථන අංකය පැහැදිලිව පෙනෙන සේ වාහනයේ දර්ශනය කිරීම අත්‍යවශ්‍ය බවද ඔහු කියා සිටියේය.

ඉහත කිසිම ආකාරයකට කටයුතු නොකරන ලද වාහනයක් සම්බන්ධයෙන් සැක කටයුතු තත්වයක් ඇති වුවහොත් පොලිස් විශේෂ කාර්ය බලකාය, බෝම්බ නිෂ්ක්‍රිය අංශය යොදා වාහනයේ සෑම කොටසක්ම සියුම්ව පරීක්ෂා කරන බවද ඔහු පැවසීය.


No comments:

Post a Comment

Post Bottom Ad