ජනපතිගෙන් තවත් සප්‍රයිස් එකක් ! - විගස පුවත් 24x7 - Vigasapuwath 24x7

Breaking

Friday, October 18, 2019

ජනපතිගෙන් තවත් සප්‍රයිස් එකක් !

මාට භාර දී ඇති ජනාධිපති විමර්ශන කොමිෂන් සභා වාර්තා 3ක තොරතුරු සමගින් මෙවර ජනාධිපතිවරණයට කිසියම් බලපෑම් සහගත ක්‍රියාවලියක නිරතවීමට ජනාධිපති මෙත්‍රිපාල සිරිසේන මහතා ඉදිරියේදී කටයුතු කරනු ඇතැයි අභ්‍යන්තර ආරංචි මාර්ගවලින් වාර්තා වේ.

විශේෂයෙන්ම ඉකුත් මහින්ද රාජපක්ෂ ආණ්ඩු සමයේ, රාජ්‍ය ආයතනවල වංචා දූෂණ සෙවූ 'බරපතල වංචා දූෂණ විර්ශනය කළ ජනාධිපති කොමිෂන් සභාවේ වාර්තාව, මහ බැංකු බැඳුම්කර වංචාව සොයා බැලූ ජනාධිපති කොමිෂන් සභා වාර්තාව සහ 2015-2018 සමයේ රාජ්‍ය ආයතනවල වංචා දූණෂ සොයා බැලීමට පත්කළ ජනාධිපති පරීක්ෂණ කොමිෂන් සභාවේ වාර්තා ද ජනාධිපතිවරයා සතුව තිබේ.

ජනපතිවරයා මේ වන විට ප්‍රකාශ කර ඇත්තේ තමන් රටේ ජනාධිපතිවරයා ලෙස සහ පොලිසිය හා හමුදාව භාර අමාත්‍යවරයා‌ ලෙස ජනාධිපතිවරණයේදී ස්වාධීනව කටයුතු කරන බවය.

ඒ අනුව ජනාධිපතිවරණය අවසන්වන තෙක් ශ්‍රීලනිපයේ සභාපතිධූරයේ රාජකාරි ආවරණය කිරීමට එම පක්ෂයේ හිටපු මහ ලේකම් මහාචාර්ය රෝහණ ලක්ෂ්මන් පියදාස මහතා වෙත පැවරූ අතර අද (18) පැවැත්වීමට නියමිත ශ්‍රීලනිප මධ්‍යම කාරක සභාව රැස්වීමට ජනාධිපතිවරයා ද එක්වීමට නියමිතව ඇති බව වැඩිදුරටත් වාර්තා වේ.

රාවය


No comments:

Post a Comment

Post Bottom Ad