ජනාධිපති ලේකම් කාර්යාලයෙන් විශේෂ නිවේදනයක් - විගස පුවත් 24x7 - Vigasapuwath 24x7

Breaking

Wednesday, October 23, 2019

ජනාධිපති ලේකම් කාර්යාලයෙන් විශේෂ නිවේදනයක්

දැනට රට තුල කිසිදු ආකාරයක හදිසි හා අත්‍යාසන්න ත්‍රස්ත අවධානමක් නොමැති බවත් අසත්‍ය සහ විකෘති කරන ලද කරුණු දැක්වීම් සම්බන්ධයෙන් අනවශ්‍ය බියක් ඇති කර නොගන්නා ලෙස ජනාධිපති ලේකම් උදය ආර්. සෙනවිරත්න විසින් නිවේදනයක් නිකුත් කරමින් ප්‍රකාශ කර සිටිනවා.

රාජ්‍ය ආයතන, ජාතික වැදගත්කමක් ඇති ආයතන සහ පොදු ජනතාවගේ ආරක්ෂාව උපරිම වශයෙන් ආරක්ෂා කිරීමට ආරක්ෂක අංශ විසින් පියවර ගෙන ඇති බවයි ජනාධිපති ලේකම්වරයා නිකුත් කර ඇති නිවේදනයේ වැඩිදුරටත් සඳහන් වන්නේ.
පාස්කු ඉරිදා එල්ලවූ ත්‍රස්ත ප්‍රහාරයෙන් අනතුරුව රාජ්‍ය ආයතන සහ ජාතික වැදගත්කමක් ඇති ස්ථානවල ආරක්ෂාව තහවුරු කිරීම සම්බන්ධයෙන් 2019 අප්‍රේල් මස 23 වෙනිදා නිකුත් කරන ලද චක්‍ර ලේඛණය සහ ඉන් අනතුරුව වරින් වර එම ආයතනයන්හි ආරක්ෂාව තහවුරු කිරීම පිළිබදව සිදුකරන ලද සාමාන්‍ය සිහි කැඳවීම් සහ උපදෙස් අඩංගු ලිපි හා චක්‍ර ලේඛණ වර්තමානයේ හදිසි සහ අත්‍යාසන්න ත්‍රස්ත අවධානමක් පවතින බවට අර්ථනිරුපණය කරමින් අවභාවිතා කරමින් ඇතැම් රාජ්‍ය ආයතන සහ පුද්ගලයින් මහජනතාව අනවශ්‍ය ලෙස බියට පත්කරවන ආකාරයේ ලිපි නිකුත් කර ඇති බවට වන තොරතුරු තමන් වෙත වාර්තා වී ඇති බවයි ජනාධිපති ලේකම්වරයා මෙහිදී සඳහන් කර ඇත්තේ.

ඒ හේතුවෙන් එවැනි හදිසි සහ අත්‍යාසන්න ත්‍රස්ත අවධානමක් උද්ගතවී ඇති බවට පැතිරී යන ප්‍රචාර සම්බන්ධයෙන් නොරැවටෙන ලෙසයි ජනාධිපති ලේකම්වරයා පොදු මහජනතාවගෙන් වැඩිදුරටත් ඉල්ලා සිටින්නේ.

No comments:

Post a Comment

Post Bottom Ad