ජනපති මෛත‍්‍රී නිර්පාක්‍ෂික කර ශ‍්‍රීලනිප නායකත්වයට නිමල් සිරිපාල පත් කරන්න සාකච්චා ! - විගස පුවත් 24x7 - Vigasapuwath 24x7

Breaking

Saturday, July 20, 2019

ජනපති මෛත‍්‍රී නිර්පාක්‍ෂික කර ශ‍්‍රීලනිප නායකත්වයට නිමල් සිරිපාල පත් කරන්න සාකච්චා !

ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ නායකත්වයෙන් ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාට ඉවත් වී නිර්පාක්‍ෂික ජනාධිපතිවරයෙකු ලෙස කටයුතු කරන්නැයි ඉල්ලා සිටීමට එම පක්ෂ පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් පිරිසක් තීරණය කර ඇති බව වාර්තා වෙයි. ඉන් පසුව පක්ෂයේ ජ්‍යෙෂ්ඨයෙක් වල නිමල් සිරිපාල සිල්වා හෝ වෙනත් ජ්‍යෙෂ්ඨයෙකු ශ්‍රී ලංකා නිදහස් පක්ෂ නව නායකත්වයට පත් කරගැනීමට ඔවුන් අතර සාකච්ඡා වට ඇතිව තිබේ.


ඉතා ඉක්මනින් මෙම යෝජනාව ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාට ඉදිරිපත් කරන බව ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ ප්‍රබලයෙකු ඒකාබද්ධ විපක්ෂය නියෝජනය කරන ජ්‍යේෂ්ඨ මන්ත්‍රීවරයකුට සමග පවසා තිබේ.

මෛත්‍රීපාල සිරිසේන මහතා ස්වාධීන ජනාධිපතිවරයකු ලෙස සිටීම මේ මොහොතේ වඩාත් සුදුසු බව මෙම පිරිසේ අදහසය.

ඉන් පසුව ශ‍්‍රීලනිප නායකත්වය යටතේ ඉතා ඉක්මනින් ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ සමග සන්ධානගත වී මීළඟ මහ මැතිවරණයට සන්ධානගතව මුහුණදීම සඳහා සූදානම් වන බවද ඔහු එහිදී සඳහන් කර ඇත.


No comments:

Post a Comment

Post Bottom Ad