ඇවන්ට්ගාඩ් නඩුවේ සැකකරුවෝ තිදෙනක් යළි රිමාන්ඩ් ! - විගස පුවත් 24x7 - Vigasapuwath 24x7

Breaking

Friday, July 19, 2019

ඇවන්ට්ගාඩ් නඩුවේ සැකකරුවෝ තිදෙනක් යළි රිමාන්ඩ් !

ගාල්ල වරාය ආසන්න මුහුදේ ඇවන්ට් ගාඩ් නෞකාවේ පාවෙන අවි ගබඩාවක් පවත්වාගෙන යාම සම්බන්ධ නඩුවට අදාළව 4,5 හා 6 යන සැකකරුවන් එළැඹෙන (2) දා තෙක් රක්ෂිත බන්ධනාගාර ගත කිරිමට අද (19) ගාල්ල මහේස්ත්‍රාත් හර්ෂණ කැකුණවල මහතා නියෝග කළේය.

ඒ අනුව මෙසේ රක්ෂිත බන්ධනාගාර ගත කෙරුණේ පිළිවෙළින් වික්ටර් සමරවිර, පාලිත වඩුගේ පියසිරි ප්‍රනාන්දු, කරුණාරත්න බණ්ඩා අධිකාරි එගොඩවෙල යන අයයි.

වික්ටර් සමරවිර නමැති සැකකරු ඉකුත් 8 වන දින අධිකරණයට බාරවිමෙන් පසු අද දක්වා රිමාන්ඩ් කරන ලද අතර ඔහු මේ වනවිට කරාපිටිය රෝහලේ ප්‍රතිකාර ලබන බවද අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තු විසින් අත්අඩංගුවට ගන්නා ලද පොලිස් කොමිසමේ ලේකම් සමන් දිසානායක නමැති සැකකරු මේ වනවිට ජයවර්ධනපුර රෝහලේ ප්‍රතිකාර ලබන බවද නිතිඥවරුන් අධිකරණයට කරුණු දක්වමින් කියා සිටියේය.

එහිදි අපරාධ පරික්ෂණ දෙපාර්තමේන්තුව රෝහලට ගොස් විමර්ශනය කරන ලෙස ගංගොඩවිල මහේස්ත්‍රාත් අධිකරණය වෙත නියෝගයක් නිකුත් කරන ලෙස ඉල්ලා සිටියේය.

ගාල්ල වරාය ආසන්නයේ ඇවන්ට් ගාඩ් නෞකාවේ පවත්වාගෙන ගිය පාවෙන අවි ගබඩාව 2015 ඔක්තෝබර් 15 වනදින අපරාධ පරික්ෂණ දෙපාර්තමෙන්තුව විසින් අත්අඩංගුවට ගෙන ඇත.


No comments:

Post a Comment

Post Bottom Ad