ජාතික පොලිස් කොමිසමේ ලේකම් රක්ෂිත බන්ධනාගාරගත කරයි - විගස පුවත් 24x7 - Vigasapuwath 24x7

Breaking

Friday, July 19, 2019

ජාතික පොලිස් කොමිසමේ ලේකම් රක්ෂිත බන්ධනාගාරගත කරයි


ජාතික පොලිස් කොමිසමේ ලේකම් සමන් දිසානායක මහතා අගෝස්තු 2වන දින දක්වා රක්ෂිත බන්ධනාගාරගත කර තිබෙනවා.
ගාල්ල මහේස්ත්‍රාත් හර්ෂණ කැකුණවෙල මහතාගේ නියෝගයකට අනුව ගංගොඩවිල වැඩබලන මහේස්ත්‍රාත්වරයා අද (19) ශ්‍රී ජයවර්ධනපුර රෝහල වෙත ගොස් පොලිසිය බාරයේ එහි ප්‍රතිකාර ලබමින් සිටි සැකකරු නිරීක්ෂණය කිරිමෙන් පසු එලෙස රක්ෂිත බන්ධනාගාර ගත කළේ.

සැකකරුගේ රෝගී තතත්වය සළකා බැලීමෙන් පසු ලබන 2 වැනිදා ගාල්ල මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කරන ලෙසට බන්ධනාගාර අධිකාරිට නියම කළ වැඩබලන මහේස්ත්‍රාත්වරයා අධිකරණය වෙත ඉදිරිපත් නොකරන්නේ නම් ඒ සම්බන්ධයෙන් වෛද්‍ය වාර්තාවක් ගාල්ල මහේස්ත්‍රාත්වරයා වෙත ඉදිරිපත් කරන ලෙස නියෝග කරනු ලැබුවා.



No comments:

Post a Comment

Post Bottom Ad