යතුරුපැදි කරුට රුපියල් හැට දහසක දඩයක් ! - විගස පුවත් 24x7 - Vigasapuwath 24x7

Breaking

Thursday, July 11, 2019

යතුරුපැදි කරුට රුපියල් හැට දහසක දඩයක් !

ක්ෂණ සහතිකයක් සහ ආදායමි බල පත්‍රයක් නොමැති යතුරැ පැදියක් හිස් වැසුමක් හා රියදුරැ බල පත්‍ර නොමැති ධාවනය කළ පුද්ගලයකුට රැපියල් හැටදහසක(60,000) දඩ මුදලක් ගෙවන ලෙස බලන්ගොඩ මහෙස්ත්‍රාත් ජයරැවන් දිසානායක මහතා නියෝග කලේය. එසේ දඩ නියමු වුයේ බලන්ගොඩ සිලගම පන්සල පාරේ පදිංචි ජයසුරිය මුදියන්සලාටග් ගයාන් මදුසංක රත්නකුමාර (27) නැමැති පුද්ගලයකුටයි.
කොළඹ බදුල්ල ප්‍රධාන මාර්ගයේ බලන්ගොඩ පොලිසිය නිළධාරීන් විසින් රථවාහන පරික්ෂා කරන අවස්ථාවෙිදි එම මොහු හිස් වැසුමක් නොමැතිව යතුරැ පැදයෙන් ගමන් කර තිබෙි.

එවිට එම රථවාහන නිළධාරීන් විසින් මොහු නතර කර පරික්ෂා කිරිමෙිදි රියැදුරු බලපත්‍ර ,රක්ෂණ සහතික ,ආදායමි බල පත්‍රය නොමැති බවට අණාවරණය වි ඇත.

පසුව එම නිළධාරීන් විසින් මොහු⁣ට නඩු පවරා බලන්ගොඩ මහෙස්ත්‍රාත් වරයා හමුවට ඉදිරිපත් කිරිමට කටයුතු කර ඇත

– බලන්ගොඩ විශේෂ සම්පත් ප්‍රියනන්දන


No comments:

Post a Comment

Post Bottom Ad