කොටගල පාසලක් අසලින් වෙඩිබෙහෙත් මල්ලක් හමුවෙයි - විගස පුවත් 24x7 - Vigasapuwath 24x7

Breaking

Monday, May 6, 2019

කොටගල පාසලක් අසලින් වෙඩිබෙහෙත් මල්ලක් හමුවෙයි

කොටගල පාසලක් අසලින් වෙඩිබෙහෙත් මල්ලක් හමුවෙයි

නුවරඑලිය කලාප අධ්‍යාපන කාර්යයාලය යටතේ පාලනය වන හැටන් කොටගල සිරි පැරකුම් සිංහල විදුහල අසල කැලි කසල බැහර කරන ස්ථානයේ තිබි වෙඩි බෙහෙත් කිලෝ 1 ක් පමණ අද (06) උදැසන සොයාගත් බව දිඹුල පොලිසිය පැවසිය.

සිරි පැරකුම් සිංහල විදුහල සහ අවට පරිසරය පිවිසෙන මාර්ගය ප්‍රදේශවාසින් විසින් සුද්ද පවිත්‍ර කරන අවස්තාවේ කැලි කසල ගොඩේ තිබි මෙම වෙඩි බෙහෙත් හමු වු බවත්, කොටගල අවට යුධ හමුදාව සහ පොලිසිය එකාබද්ධව සොදිසි මෙහෙයුම් සිදු කරන නිසා වෙඩි බෙහෙත් මෙම කැලි කසල බැහැර කරන ස්ථානයට කිසියම් කෙනෙකු විසින් ගෙනවිත් දමන්නට ඇති බව දිඹුල පොලිසිය සැක කරයි.

සිරි පැරකුම් විද්‍යාලය ආසන්නයේම කොටගල ඛනිජ තෙල් නිතිගත සංස්ථා ගබඩා සංකිර්ණයද පිහිටා තිබේ.

කැලි කසල ගොඩේ තිබි හමු වු වෙඩි බෙහෙත් ගල් කොරිවල භාවිතයට ගන්නා වෙඩි බෙහෙත් බවට සිද්ධිය සම්බන්ධයෙන් පරික්ෂණ පවත්වන දිඹුල පොලිසිය සැක කරයි.

(හැටන් රංජිත් රාජපක්ෂ)

No comments:

Post a Comment

Post Bottom Ad