මෝදිගේ දිවුරුම් දීමේ උත්සවයට ජනපති මෛත‍්‍රීටත් ආරාධනා - විගස පුවත් 24x7 - Vigasapuwath 24x7

Breaking

Monday, May 27, 2019

මෝදිගේ දිවුරුම් දීමේ උත්සවයට ජනපති මෛත‍්‍රීටත් ආරාධනා


ලබන 30 වැනිදා නවදිල්ලියේදී පැවැත්වෙන ඉන්දීය අගමැති නරේන්ද්‍ර මෝදි මහතාගේ දිවුරුම් දීමේ උත්සවය සඳහා ජනපති මෛත‍්‍රිපාල සිරිසේන මහතාද සහභාගි වීමට නියමිතය.

තමා නවදිල්ලියේ පැවැත්වෙන උත්සවය සඳහා සහභාගි වන බව ජනපතිවරයා මෝදි අගමැතිවරයාට දන්වා ඇති බව ඉන්දීය මාධ්‍ය වාර්තා කියයි.

පසුගියදා පැවති මහමැතිවරණයෙන් විශිෂ්ට ජයක් ලැබූ මෝදි මහතා දෙවන වරට අගමැති ලෙස දිවුරුම් දෙන්නේ ලබන 30 වැනිදාය. 2014 ඔහු පළමුවරට අගමැති ලෙස දිවුරුම් දීමේ උත්සවය සඳහා හිටපු ජනපති මහින්ද රාජපක්ෂ මහතා සහභාගි විය.

චතුර පමුණු

No comments:

Post a Comment

Post Bottom Ad