සැබෑ සිංහල බෞද්ධකම ගැන සජිත්ගෙන් පැහැදිලි කිරීමක් - විගස පුවත් 24x7 - Vigasapuwath 24x7

Breaking

Monday, May 27, 2019

සැබෑ සිංහල බෞද්ධකම ගැන සජිත්ගෙන් පැහැදිලි කිරීමක්

සැබෑ සිංහල බෞද්ධකම ගැන සජිත්ගෙන් පැහැදිලි කිරීමක්

සිංහල බෞද්ධකම ගැන පිරිසක් අද උජාරුවට කථා කරමින් එය තම පෞද්ගලික සුබ සිද්ධිය සහ බලයට ඒම සඳහා ආයුධයක් කර ගෙන ඇති බව නිවාස, ඉදිකිරීම් හා සංස්කෘතික කටයුතු අමාත්‍ය සජිත් ප්‍රේමදාස මහතා පවසයි. 

සැබෑ සිංහල බෞද්ධකම වන්නේ මෙරට පන්සල් පද්ධතිය සුරක්ෂා කරමින් සංවර්ධනය කිරීම බවත්, එය වත්මන් රජය යටතේ සිදුවන බවත් පැවසූ අමාත්‍යවරයා, සිංහල බෞද්ධකම ගැන අද කතා කරන උදවිය එදා බලයේ සිටියදී මෙරට විහාරස්ථානවල සංවර්ධනයට කිසිවක් නොකළ බවත් ප්‍රකාශ කළේය. 

ජනතාවට නොමිලේ ඉඩම් ලබාදී එහි නිවාස ඉදිකර වසර 2025 දී සැමට සෙවණ ලබා දෙනවා සේම, මෙරට සියලු ජනතාවට සෞඛ්‍ය සම්පන්න ජන ජීවිතයක් ගත කිරීම උදෙසා පිරිසිදු පානීය ජලය නොමිලේ ලබාදීමේ ජාතික මෙහෙවර ඉදිරියේදී ක්‍රියාත්මක කරන්නට කාලය එළඹ ඇති බවද අමාත්‍යවරයා සඳහන් කළේය.

ජනතා මනාපයෙන් ගරු නම්බුනාම ලබා ගන්නා පාලකයින්ට පිරිසිදු පානීය ජලය හිමිවන විට ඔවුන් බලයට පත්කළ ජනතාවට හිමිවනුයේ අපිරිසිදු පානීය ජලය බවත්, පාලකයින්ට බලය හිමි වූ පසුව ජනතාවගේ මානව අයිතීන් පිළිබඳව සොයා බලනුයේ කිහිප දෙනෙකු පමණක් බවත් අමාත්‍යවරයා මෙහිදී පැවසීය.

No comments:

Post a Comment

Post Bottom Ad