මහවැලි ගගේ තිබි උපකරණ රැසක් අත්අඩංගුවට - විගස පුවත් 24x7 - Vigasapuwath 24x7

Breaking

Monday, May 6, 2019

මහවැලි ගගේ තිබි උපකරණ රැසක් අත්අඩංගුවට

මහවැලි ගගේ තිබි උපකරණ රැසක් අත්අඩංගුවට

නාවලපිටිය පොලිසිය සහ යුධ හමුදාව සහ පොලිස් විශේෂ කාර්යය බලකාය එක් ව අද (06) නාවලපිටිය ප්‍රදේශයේ විශේෂ සොදිසි මෙහෙයුමක් දියත් කර ඇත.

නාවලපිටිය පොලිසියේ බුද්ධි අංශයට ලද තොරතුරක් මත මහවැලි ගගේ සේලම්බ්‍රිජ් ප්‍රදේශයේ ගගේ ඉවුරේ කුඩා වලක පොලිතින් උරයක සහ ගොනියක බහා තිබු කඩු දෙකක්, කෙටේරියක් , පිහි හයක්, පොලිස් භාරයට ගෙන ඇත.

නාවලපිටිය පොලිසිය එකාබද්ධ ප්‍රදේශයේ සිදු කරන මෙහෙයුම හේතුවෙන් කිසියම් අයෙකු විසින් මෙම උපකරණ මහවැලි ගගට ගෙනවිත් දමන්නට ඇති බව නාවලපිටිය පොලිසිය සැකකරයි.

සිද්ධිය සම්බන්ධයෙන් නාවලපිටිය පොලිසිය පරික්ෂණ පවත්වයි.

(හැටන් රංජිත් රාජපක්ෂ)

No comments:

Post a Comment

Post Bottom Ad