10 වැනි බෝම්බකරුවා වීමට සිටි ‌‌අන්තවාදියා මක්කම ගිහින් - අත්අඩංගුවට ගැනීම සඳහා විමර්ශන - විගස පුවත් 24x7 - Vigasapuwath 24x7

Breaking

Monday, May 6, 2019

10 වැනි බෝම්බකරුවා වීමට සිටි ‌‌අන්තවාදියා මක්කම ගිහින් - අත්අඩංගුවට ගැනීම සඳහා විමර්ශන

පාස්කු ඉරිදා ප්‍රහාරයට සුදානම් වී සිටි දසවැනි බෝම්බකරු වීමට සිටි පුද්ගලයා මක්කම වන්දනාවේ ගොස් ඇති බවත් ඔහු අත්අඩංගුවට ගැනීම සඳහා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විමර්ශන කටයුතු ආරම්භ කර ඇති බවත් පොලිසිය දන්වා තිබේ. මෙම බෝම්බකරු පාස්කු ඉරිදා දින ඉලක්කයක් නොලැබීම හේතුවෙන් ඉදිරි ප්‍රහාරයකට සැරසීමට පෙර ඔහු මක්කම වන්දනාවේ ගොස් ඇති බවටද බුද්ධි තොරතුරු ලැබී ඇති බව ආරක්ෂක අංශ ආරංචි මාර්ගයන් සඳහන් කරයි.

ජාතික තව්හිද් ජමාත් සංවිධානයේ අන්තවාදියකු වන මොහුගේ සියලු තොරතුරු හෙළිදරව් කර ගැනීමට අපරාධ පරික්ෂණ දෙපාර්තමේන්තුව මේ වන විට සමත් වී ඇති බවද එම ආරංචි මාර්ගයන් පවසයි. පාස්කු ඉරිදා ප්‍රහාරයට අදාළව ප්‍රධාන පෙළේ ත්‍රස්තවාදීන් අට දෙනකු මේ වන විට අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ අත්අඩංගුවේ පසු වන බවත් දීර්ඝ ලෙස ඔවුන්ගෙන් ප්‍රශ්න කිරිම සිදු කරන බවත් එම ආරංචි මාර්ග වැඩිදුරටත් කියා සිටී.

-චාමර අමරසුරිය-

No comments:

Post a Comment

Post Bottom Ad