ඇමැති බදියුදීන්ගේ තාරපුරම් නිවස පරීක්ෂාවට - විගස පුවත් 24x7 - Vigasapuwath 24x7

Breaking

Monday, May 6, 2019

ඇමැති බදියුදීන්ගේ තාරපුරම් නිවස පරීක්ෂාවට

ඇමැති බදියුදීන්ගේ තාරපුරම් නිවස පරීක්ෂාවට

කර්මාන්ත හා වාණිජ කටයුතු අමාත්‍ය රිෂාඩ් බදියුදීන් මහතාට අයත් මන්නාරම තාරපුරම් හි නිවස අද (6) ආරක්ෂක අංශ විසින් විශේෂ සෝදිසියකට ලක්කළ බව යුද හමුදාව කියයි.

අමාත්‍යවරයාගේ නිවස ඇතුළු තාරාපුරම් හි තුර්කි නගර් නැමති නව මුස්ලිම් ගම්මානය ද ආරක්ෂක අංශ විසින් විශේෂ පරීක්ෂාවකට ලක්කළ බව යුද හමුදාව පවසයි.

ඊයේ උදෑසන 06.00 සිට දහවල් 01.00 දක්වා මෙම ප‍්‍රදේශයේ සෝදිසි මෙහෙයුම ආරම්භ කළ අතර ඒ සඳහා යුද හමුදාව, පොලිසිය හා පොලිස් විශේෂ කාර්ය බළකාය එක්ව සිටියහ.

රිෂාඩ් බදියුදීන් අමාත්‍යවරයාගේ තාරාපුරම් නිවස පැය කිහිපයක් විශේෂ සෝදිසියකට ලක්කළ අතර එහි තිබී කිසිදු සැකකටයුතු යමක් සොයා ගැනීමට නොහැකිවූ බව යුද හමුදාව සඳහන් කරයි.

තුර්කි නගර් හි නිවාස පරීක්ෂා කිරීමේදි කිණිසි කිහිපයක් සොයාගත් අතර එම කිණිසි වැඩිදුර පරීක්ෂණ සඳහා මන්නාරම පොලිසිය වෙත බාරදී තිබේ.

යුද හමුදාව පැවසූයේ තුර්කි නගර් හා තාරාපුරම් හි නිවාස 150 අධික සංඛ්‍යාවක් විශේෂ සෝදිසියකට ලක්කළ බවයි.

අමාත්‍ය රිෂාඩ් බදියුදීන් මහතා විදේශ ගතව ඇති අතර ඔහුගේ නිවස සෝදිසි කිරීමේදී නිවසෙහි සිට ඇත්තේ සේවකයින් කිහිපදෙනකු පමණක් බව යුද හමුදා ආරංචි මාර්ග සඳහන් කළේය. 

No comments:

Post a Comment

Post Bottom Ad