අයි.එස්.අයි ත්‍රස්තවාදින් පුහුණුවිම් සිදු කල කදවුරක් සොයාගැනේ - සැකකරුවන් දෙදෙනෙක් අත්අඩංගුවට - විගස පුවත් 24x7 - Vigasapuwath 24x7

Breaking

Monday, May 6, 2019

අයි.එස්.අයි ත්‍රස්තවාදින් පුහුණුවිම් සිදු කල කදවුරක් සොයාගැනේ - සැකකරුවන් දෙදෙනෙක් අත්අඩංගුවට

අයි.එස්.අයි ත්‍රස්තවාදින් පුහුණුවිම් සිදු කල කදවුරක් සොයාගැනේ - සැකකරුවන් දෙදෙනෙක් අත්අඩංගුවට

නුවරඑලිය බ්ලැක්ෆුල් ප්‍රදේශයේ තව්හිත් ජමාත් සංවිධානය (අයි.එස්.අයි ) විසින් නුවරඑලිය බ්ලැක්ෆුල් ප්‍රදේශයේ පවත්වාගෙන ගිය පුහුණුවිම් කදවුරක් නුවරඑලිය පොලිසය සහ යුධ හමුදාව නිලධාරින් විසින් අද (06) වටලනු ලැබීය.

අම්පාර කල්මුණේ සහින්දමාර්දු ප්‍රදේශයේ ආරක්ෂක අංශ විසින් අත්අඩංගුවට ගත් අයි.එස්.අයි ත්‍රස්තවාදියෙකුගෙන් ප්‍රශ්න කිරිමේදි ඔහුනේ ලද තොරතුරක් මත දෙමහල් නිවසක පවත්වාගෙන ගිය මෙම කදවුර සොයා ගැනිමට ආරක්ෂක අංශ සමත්වි ඇත.

මෙම පුහුණු කදවුර තුල 38 දෙනෙකු පුහුණුව ලැබු බවත්, මෙම පුහුණු කදවුරට සහරාන්ද සහභාගි වි ඇති බවත්, දිවයිනේ ස්ථාන කිහිපයකම සිදු කල මරාගෙන මැරෙන බෝම්බ ප්‍රහාරයේ අවසන් පුරුදු පුහුණු විම් අප්‍රේල් 17 වෙනි දින සහරාන්ගේද සහභාගිත්වයෙන් සිදු කල ඇති බව දැනට සිදු කර ඇති මුලික පරික්ෂණ වලදි අනාවරණය වි ඇත.

නුවරඑලිය බ්ලැක්ෆුල් ප්‍රදේශයේ ප්‍රධාන පාසලක් ඉදිරිපිට කෙටිකාලින කුලි පදනම මත ලබාගත් දෙමහල් නිවසකයි මෙම පුහුණු කදවුර පවත්වාගෙන ගොස් ඇත.

එම නිවසේ අයිතිකරු සහ එම නිවසට පහසුකම් සැපයු නුවරඑලිය බ්ලැක්ෆුල් ප්‍රදේශයේම පදිංචිකරුවන් දෙදෙනෙක් නුවරඑලිය පොලිසිය මගින් අත්අඩංගුවට ගෙන ඇත.

සිද්ධිය සම්බන්ධයෙන් නුවරඑලිය පොලිසිය සහ යුධ හමුදාව එකාබද්ධව අංශ කිහිපයක් ඔස්සේ පරික්ෂණ පවත්වයි.

(හැටන් රංජිත් රාජපක්ෂ)

No comments:

Post a Comment

Post Bottom Ad