කඩු සහ පිහි 15ක් සමඟ මුස්ලිම් ජාතිකයෙකු කොටු - විගස පුවත් 24x7 - Vigasapuwath 24x7

Breaking

Monday, May 6, 2019

කඩු සහ පිහි 15ක් සමඟ මුස්ලිම් ජාතිකයෙකු කොටු

කඩු සහ පිහි 15ක් සමඟ මුස්ලිම් ජාතිකයෙකු කොටු

අඹගස්දෝව ලද්දුම මූදනාව ගම්මානයේ කැලෑ රොදක සඟවා තිබූ කඩුවක් සහ පිහියා 15ක්  ඊයේ (05) සවස  සොයාගත් බව අඹගස්දෝව පොලීසිය පවසයි .

ලැබුණ තොරතුරක් මත කල සෝදිසියකදි මෙම ආයුධ හමුවී ඇති අතර  අබ්දුල් වහාම නැමති මුස්ලිම් ජාතිකයෙක් සැකපිට අත්අඩංගුවට ගෙන තිබේ .

සැකකරු ආරක්ෂක අංශවල සිදු කරන වැටලීම්වලට බියෙන් තම නිවසේ තිබූ මෙම අවි මල්ලක බහා ‍මෙම ස්ථානයේ සඟවා ඇති බව විමර්ශන වලදි අනාවරණය වී ඇත .

බණ්ඩාරවෙල පොලිස් අධිකාරි සුදත් මාසිංහ මහතාගේ උපදෙස් මත අඹගස්දෝව පොලිස් ස්ථානාධිපති පො.ප . ආර්.එස්.රාජසිංහ මහතාගේ මෙහෙයවීමෙන් අඹගස්දෝව පොලීසිය වැඩිදුර විමර්ශන සිදුකරයි .

No comments:

Post a Comment

Post Bottom Ad